Friday, March 1, 2013

කොටකෙතන කාන්තාවන් ප‍්‍රසිද්ධියේ නිරුවතින් නානවද ?


----------
(පැපරාසි නිවුස් ලංකා -2013.පෙබ.22)කොටකෙතන කාන්තාවන් ප‍්‍රසිද්ධියේ නිරුවතින් නාන කතාව

කහවත්ත කොටකෙතන ප‍්‍රදේශයේ කාන්තාවන් නිරුවතින් ප‍්‍රසිද්ධියේ දිය ස්නානය කරන බවට ගෙන යන ප‍්‍රචාර අසත්‍ය බව ගම්වාසී කාන්තාවෝ අවධාරණය කරති.

සති අන්ත පුවත්පතක ද එම පුවත පසුබිම් කරගෙන සමහර විද්‍යුත් මාධ්‍යවලින් ද මේ ගැන සඳහන් කළ බව කොටකෙතන කාන්තාවෝ පිරිසක් පැවැසූහ.

කහවත්ත ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ලේඛකාධිකාරී කහවත්තේ සේනින්ද හිමියෝ පැවැසුවේ කොටකෙතන ගම ගෝත‍්‍රික වනචාරී ගම්මානයක් බවට පත්කරමින් එක්තරා පුවත්පතක් අසත්‍ය කරුණු ඉදිරිපත් කර ඇති බවයි.
කොටකෙතන ඝාතන සිදුකළේ කිහිප දෙනයි. මිනීමැරුම්වලට ගම ම සම්බන්ධ නැහැ. මේ ගමේ බහුතරයක් අහිංසක ගුණයහපත් අයයි.

ගමේ කාන්තාවන් ප‍්‍රසිද්ධියේ නිරුවතින් දිය ස්නානය කරන බවට පැවැසීම ගමේ කාන්තාවන්ට සිදුකළ නිග‍්‍රහයක්. වේදනාවෙන් ඉන්න ගම්වාසීන් අපහාසයට පත්කිරීම සුදුසු නැහැ. යයි ලේඛකාධිකාරි හිමියෝ පැවැසූහ.

No comments: