Tuesday, March 19, 2013

චන්දිමගේ 'ලිප්ස්ටික් කතාවකට' ගීතාගේ රතු කට්ට පනී..


ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජන බලගැන්වීම සඳහා ක්‍රියාත්මක වන 'රට නඟන - නිල් රැල්ලට සම්බන්ධ ගාල්ල දිස්ත්‍රික්කයේ දකුණු පළාත් ආණ්ඩුකාර කාර්යාල ශ්‍රවණාගාරයේ පැවැති රැස්වීමේදී ලිප්ස්ටික් ප්‍රශ්නයක් මුල් කරගෙන නියෝජ්‍ය කතානායක චන්දිම වීරක්කොඩි මහතා හා බෙන්තර - ඇල්පිටිය ශ්‍රී ල.නි.පක්ෂ සංවිධායිකා ගීතා කුමාරසිංහ මහත්මිය අතර උණුසුම් වචන හුවමාරුවක් ඇතිවී තිබේ.

මේ රැස්වීමේදී නියෝජ්‍ය කතානායක චන්දිම වීරක්කොඩි මහතා "හබරාදුවට ගෙන් ගෙට යෑමට එජාපයේ නෝනලා වගයක් පසුගිය කාලයේ ආවා. ඒ නෝනලා කවුරුත් හඳුනන්නේ නැහැ. ගීතා නෝනා වගේ ලිප්ස්ටික් ගාගෙන තමයි ආවේ" කියා සිය කතාවේදී පවසා තිබේ.
නියෝජ්‍ය කතානායකවරයාගේ ලිප්ස්ටික් කතාවත් සමඟ ගීතා කුමාරසිංහ මහත්මියගේ මුහුණ රතුවී තිබේ. ඒ සමඟම රැස්වීමේ සිටි පළාත් පාලන නියෝජිතයන් කිහිප දෙනකු මේ කතාවට සිනාසී ඇත. නියෝජ්‍ය කතානායක චන්දිම වීරක්කොඩි මහතා සිය කතාව අවසන් කොට අසුන වෙත යද්දි ගීතා කුමාරසිංහ මහත්මිය පවසා ඇත්තේ "කියපු කතාව වැරැදියි" කියායි. චන්දිම වීරක්කොඩි මහතාද "මට ඕන දේ මම කියනවා" යනුවෙන් පවසා ඇත.

මේ වචන හුවමාරුවත් සමඟ රැස්වීමට පැමිණ මාධ්‍යවේදීන්ට සංවිධායකයන් පවසා ඇත්තේ 'දැන් අපේ වැඩ ඉවරයි දුන්නු සහයෝගයට ස්තුතියි. දැන් මයික් ගලවාගෙන යන්න' කියාය.

නියෝජ්‍ය අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මේ අවස්ථාවට දකුණු පළාත් ප්‍රධාන අමාත්‍ය ෂාන් විජයලාල් ද සිල්වා, ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රිවරුන් වන රමේෂ් පතිරණ, නිශාන්ත මුතුහෙට්ටිගම, මනුෂ නානායක්කාර යන මහත්වරුන්ද සහභාගි වී සිට ඇත.


-------------------------------------
එක්වන්න අප සමග ►►@[124365557672671:274:Paparasi News Lanka]

චන්දිමගේ 'ලිප්ස්ටික් කතාවකට' ගීතාගේ රතු කට්ට පනී..  
----------
(පැපරාසි නිවුස් ලංකා -2013.මාර්තු .17)ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජන බලගැන්වීම සඳහා ක්‍රියාත්මක වන 'රට නඟන - නිල් රැල්ලට සම්බන්ධ ගාල්ල දිස්ත්‍රික්කයේ දකුණු පළාත් ආණ්ඩුකාර කාර්යාල ශ්‍රවණාගාරයේ පැවැති රැස්වීමේදී ලිප්ස්ටික් ප්‍රශ්නයක් මුල් කරගෙන නියෝජ්‍ය කතානායක චන්දිම වීරක්කොඩි මහතා හා බෙන්තර - ඇල්පිටිය ශ්‍රී ල.නි.පක්ෂ සංවිධායිකා ගීතා කුමාරසිංහ මහත්මිය අතර උණුසුම් වචන හුවමාරුවක් ඇතිවී තිබේ.

මේ රැස්වීමේදී නියෝජ්‍ය කතානායක චන්දිම වීරක්කොඩි මහතා "හබරාදුවට ගෙන් ගෙට යෑමට එජාපයේ නෝනලා වගයක් පසුගිය කාලයේ ආවා. ඒ නෝනලා කවුරුත් හඳුනන්නේ නැහැ. ගීතා නෝනා වගේ ලිප්ස්ටික් ගාගෙන තමයි ආවේ" කියා සිය කතාවේදී පවසා තිබේ.
නියෝජ්‍ය කතානායකවරයාගේ ලිප්ස්ටික් කතාවත් සමඟ ගීතා කුමාරසිංහ මහත්මියගේ මුහුණ රතුවී තිබේ. ඒ සමඟම රැස්වීමේ සිටි පළාත් පාලන නියෝජිතයන් කිහිප දෙනකු මේ කතාවට සිනාසී ඇත. නියෝජ්‍ය කතානායක චන්දිම වීරක්කොඩි මහතා සිය කතාව අවසන් කොට අසුන වෙත යද්දි ගීතා කුමාරසිංහ මහත්මිය පවසා ඇත්තේ "කියපු කතාව වැරැදියි" කියායි. චන්දිම වීරක්කොඩි මහතාද "මට ඕන දේ මම කියනවා" යනුවෙන් පවසා ඇත.

මේ වචන හුවමාරුවත් සමඟ රැස්වීමට පැමිණ මාධ්‍යවේදීන්ට සංවිධායකයන් පවසා ඇත්තේ 'දැන් අපේ වැඩ ඉවරයි දුන්නු සහයෝගයට ස්තුතියි. දැන් මයික් ගලවාගෙන යන්න' කියාය.

නියෝජ්‍ය අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මේ අවස්ථාවට දකුණු පළාත් ප්‍රධාන අමාත්‍ය ෂාන් විජයලාල් ද සිල්වා, ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රිවරුන් වන රමේෂ් පතිරණ, නිශාන්ත මුතුහෙට්ටිගම, මනුෂ නානායක්කාර යන මහත්වරුන්ද සහභාගි වී සිට ඇත.

සම්පූරණ නිවුස් එක කියවන්න : http://www.paparasinewslanka.com/2013/03/gossip-lanka_18.html
-------------------------------------

No comments: