Friday, March 8, 2013

කතුන් පසුපස ගිහින් හපාකන රිලා රංචුවක් ඇවිත්..... වනජීවී නිලධාරීන් මෙහෙයුමක් අරඹති

කාන්තාවන්ට හිරිහැර කරන, නිවෙස්වලට පැන උපකරණවලට හානි කරන දඹුල්ල කජුවත්ත ප්‍රදේශයේ සැරිසරන රිලවුන් දෙදෙනකු ඇල්ලීම සඳහා වනජීවී නිලධාරීහු මෙහෙයුමක් ආරම්භ කැර ඇත.

මේ රිලවුන් දෙදෙනා රැලෙන් වෙන්වී තනිව සිටින බවත්, පිරිමින් දුටු විට සැඟවී, කාන්තාවන් පසුපස පමණක් එළවා සපා කෑමට උත්සාහ දරන බව ප්‍රදේශවාසීහු කියති.

කාන්තාවන් එළිමහනේ සිටිය ද මේ රිලවුන් දෙදෙනා ගස්වල ගෙඩි කඩා කාන්තාවන්ට පහර දෙන බවත්, ඇඟට කඩා පනින බවත් කාන්තාවෝ කියන අතර, කාන්තාවන් කීපදෙනකුම මේ රිලවුන් දෙදෙනාගෙන් බේරී ඇත්තේ අනූ නවයෙනි.

ගෙවල්වල ඇතිකරන සුනඛයන්ට බිය නොමැති මේ දෙදෙනා සුනඛයන්වද සපා කන බව කියති.

මේ සතුන් දෙදෙනා අල්ලා ගැනීම සඳහා ගිරිතලේ වන ජීවී පශු වෛද්‍ය සංරක්ෂණ අංශයේ මහවැලි කලාප භාර පශු වෛද්‍ය පී. දේවසුරේන්ද්‍ර, වන සත්ත්ව අඩවි ආරක්ෂක රංජිත් විජිත යන මහත්වරුන් ඇතුළු කණ්ඩායමක් 06 වැනි දින දවස පුරා දැඩි උත්සාහයක නිරත වුව ද රිලවුන් දෙදෙනා අල්ලා ගැනීමට නොහැකි විය.

රිලවුන් අල්ලන උගුල් තැබුව ද මේ දෙදෙනා ඒ තුළට නොයන බවත්, හොර රහසේ නිවෙස් ඇතුළට ගොස් භාණ්ඩ විනාශ කැර නිවෙස් තුළ කැත කර පලා යන බව ගම්මු කියති.
කතුන් පසුපස ගිහින් හපාකන රිලා රංචුවක් ඇවිත්
වනජීවී නිලධාරීන් මෙහෙයුමක් අරඹති

No comments: