Tuesday, March 19, 2013

සිංහල රාවය ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලය වටලයි - පොලිසිය හිමි නමකට පහරදෙයි

තමිල්නාඩුවේ කොටි බලවේග ලංකික බික්ෂුන්ට පහරදීම ට එරෙහිව සිංහල රාවය ජාතික සංවිධානය විසින් ආරම්භ කරනා ලද සාමකාමී අති දැවැන්ත උද්ගෝෂණය සහ පා ගමන ඉතා දැවැන්ත සිංහල රාවය සාමාජිකයින් සහ ජනකායක සහබාගිත්වයෙන් අද ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලය අසල ට එනතෙක් පැවැත්විණි.
මුළු මාර්ගයම වසාගනිමින් ඉතා විශාල ජන ගඟක් පැමිණි නිසා කොල්ලුපිටිය ගෝල්ෆේස් මාර්ගය (අරලිය ගහ මන්දිරය ඉදිරිපස මාර්ගය ) ඉතා දැඩි මාර්ග තදබදේකින් යුක්ත උනා.

අරලියගහ මන්දිරය ඉදිරිපසින් මාර්ග බාධක රහිතව මෑතකදී විජයක්ග්‍රහණයෙන් ගමන්කළ එකම සාමකාමී උද්ගෝෂණ රැලිය මෙයයි මක්නිසාද යත් පසුගිය කාලයේ පවතී සෑම රැලියක්ම කොල්ලුපිටිය මංසන්දියේ දී නවතා තිබුණි.ඉන්දියානු එම්බසියට ලංවනවත් සමගම එකට අත්වැල් බැඳගත් පොලිස් පවුරකින් සියලුම සිංහලයන් නැවත්වීමට උත්සහා කලත් එය නිෂ්පල විය. සිංහල රාවය තුල සිටින්නේ නියම සිංහලයන් කිසිදිනක පෙරට මිස පසු පසට ගියේ නැත ගිය කොතැනකදීවත් ජයග්‍රහණයෙන් මිස නැවත පැමිණියේද නැත.

ඉන්දියාවේ තමිල්නාඩුවේ සිදුවන මෙම සෝචනීය නින්දිත පහරදීම් හමුවේ ශ්‍රී ලාංකිකයන් ගේ ආරක්ෂාව සුරක්ෂිත කරනා මෙන් සහ මෙම කොටි හිතවාදීන් එලවා දමන මෙන් ඉන්දියානු රජයෙන් ඉල්ලීමට සන්දේශයක් සිංහල රාවය විසින් ඉන්දියානු එම්බසියට ලබාදෙනු ලැබුවා.

පොලිසිය විසින් මාර්ගය හරස් කරනු ලබන අවස්ථාවේදී පොලිසියේ සිටින ලද අන්තවාදියකු විසින් සිංහල රාවය උප සභාපති අති පුජ්‍ය පුලියද්දේ සුධම්ම හිමිගේ සිවුරෙන් ඇද පහරදීමට තැත් කරන ලද අතර පොලිසිය විසින් එම පොලිස් අන්තවාදියා ක්ෂණිකව ඉවත්කරනු ලැබුවා.

උද්ගෝෂණය ඉතා සාමකාමිව පැවති අතර පුදුමය දනවන දසුනක් ලෙස ඉන්දියානු එම්බසිය තුල එකදු ජාතික කොඩියක් ඔසවා නොතිබුණි. ජාතික කොඩිය පෙර තුබූ කනුව හිස්ව පැවති අතර සිංහලයාගේ ශ්‍රී ලංකාවේ සිට මෙවැනි ආකාරයට හැසිරීම අනුමත කල නොහැකි අන්තවාදී ක්‍රියාවක් දැයි අපට සැකයට කරුණක් වේ. අපගේ හිමිනමට පහරදීම ඉතා දැඩි පිළිකුලෙන් අන්තර්ජාතික බෞද්ධ සම්මේලනය හෙළාදකින අතර මින් පසුව මෙවැනි දේ සිදුවුවහොත් ඇතිවන ප්‍රතිවිපාක බොහෝ දරුණු වෙතැයි අනුමාන කල හැක.

පිටකොදු සිදුන හෙළයෙකු ලෙස ඉන්ට එපා..
කඩුවක් අවැසි තැන බිය හදුනන්ට එපා..
පරගැති බහට රට උගසට දෙන්න එපා..
ජාතිය තමයි මුල එය සිඳලන්ට එපා..

No comments: