Tuesday, March 5, 2013

අල ගොවියෝ කලුකොඩි ඔසවා වැලිමඩ කලඹති



වැලිමඩ, ඌවපරණගම එළවලු ගොවි එකමුතුව සංවිධානය කළ ජනතා විමුක්ති පෙරමුණ මෙහෙය වූ අලගොවි උද්ඝෝෂණයක් (05දා) අවසන් වූයේ වැලිමඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට උද්ඝෝෂකයෝ කඩා වැදී අර්තාපල් ගැණුම් මිලත් වෙළඳ‍පොළේ අඩු මිලත් පිළිබඳව පාලකයින්ගෙන් ප්‍රශ්න කිරීම නිසා දැඩි උණුසුම් තාවයක් මතු විණි.

අද උදෑසන 10.30 ට පමණ මෙම අලගොවි උද්ඝෝෂණය වැලිමඩ නුවරඑළිය පාරේ කලුපාලම අසලින් ආරම්භ වී පසුව වැලිමඩ නගරය පුරා සැරිසරමින් සටන් පාඨ කියමින් විරෝධතාවයේ නියැලිණි. එහිදී ඔවුහූ කලුකොඩි ඔසවා ගෙන වැලිමඩ නග‍රයේ ප්‍රාදේශිය ලේකම් කාර්යාලය ඉදිරියේ ප්‍රධාන මාර්ගයේ පැයක් පමණ බිම වාඩි වී මාර්ගය අවහිර කිරීම නිසා සතිපොළ දිනයක් වූ බැවින් දැඩි වාහන තදබදයක්ද ඇති විණ.

පසුව ඔවුහු අර්තාපල් ගැණුම් මිල රු 60/- ක් ලෙසට ආර්ථික මධ්‍යස්ථානයේ ප්‍රසිද්ධ කලද වෙළඳ ගැණුම් මිල රුපියල් 40/- වීම පිළිබඳව ප්‍රශ්න කිරීමට ප්‍රාදේශීය ලේකම් කාර්යාලය තුළට කඩා වැදිණ. ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ ගේට්ටුද කඩාගෙන උද්ඝෝෂකයෝ කාර්යාලය තුලට ගියහ.

No comments: