Wednesday, March 13, 2013

ශතක 7යි ද්විත්ව ශතක 1යි - තරගය ජය පැරදුමෙන් තොරව නිමයි

ශතක 7ක් හා ද්විත්ව ශතකයක් වාර්තා පොත් අතරට එක්කරමින් ගාල්ලේදී පැවැති ශ්‍රී ලංකා බංග්ලාදේශ ටෙස්ට් තරගය ජය පරාජයකින් තොරව මීට ටික වේලාවකට පෙර අවසන් විය.

ශ්‍රී ලංකාව මෙම තරගයේ පළමු ඉණිමට කඩුලු 4ක් දැවී ලකුණු 570ක් ලබාගත් අතර පිළිතුරු වශයෙන් බංග්ලාදේශ සියලු දෙනා දැවී ලකුණු 638ක් ලබා ගත්තේය.

ශ්‍රී ලංකා කණ්ඩායම සිය දෙවන ඉණිම කඩුලු 4ක් දැවී ලකුණු 335ක් ලබා සිටියදී අත්හිටුවා තරගය ජය ගැනීමට බංග්ලාදේශයට ලකුණු 268ක ඉලක්කයක් ලබාදෙන ලදී.

කෙසෙ‍් වෙතත් තරගය නතරකරන විට බංග්ලාදේශ කණ්ඩායම එක් කඩුල්ලක් දැවී ලකුණු 70ක් ලබා සිටියේය.

තරගයේ පළමු ඉණිමේදී ලහිරු තිරිමාන්න ලකුණු 155ක් කුමාර් සංගක්කාර ලකුණු 142ක් හා දිනේෂ් චන්දිමාල් ලකුණු 116ක් ලබාගත් අතර දෙවන ඉණිමේදීත් සංගක්කාර ලකුණු 105ක්ද, තිලකරත්න ඩිල්ෂාන් ලකුණු 126ක්ද ලබා ගනිමින් ශ්‍රී ලංකා පිලෙන් ශතක 5ක් වාර්තා පොත් අතරට එක්විය.

එසේම බංග්ලාදේශ කණ්ඩායම වෙනුවෙන් පළමු ටෙස්ට් ද්විත්ව ශතකයද වාර්තා පොත් අතරට එක් කරමින් මුෂ්ෆිකර් රහිම් ලකුණු 200ක්ද මොහොමඩ් අෂ්රෆුල් ලකුණු 190ක්ද නසීර් හුසෙන් ලකුණු 100ක් බැගින් ලබා ගැනීමට සමත් වූහ.

තරගය පුරාවට වාර්තා වූ කඩුලු සංඛ්‍යාව 19කි.

ඒ අනුව මෙම තරගය ජය පරාජයකින් තොරව නිමාවට පත්වූ අතර තරගයේ වීරයා සම්මානය මුෂ්ෆිකර් රහිම් හිමිකර ගන්නා ලදී.

දෙරට අතර දෙවන තරගය ලබන 16 වැනිදා කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතය.

No comments: