Monday, March 11, 2013

වැලිකඩ වහලයට නැග්ගේ විශිෂ්ඨම සිරකරු මහේෂ්......

වැලිකඩ බන්ධනාගාරයේ වහලයක් මත නැග උපවාසයක් ආරම්භ කර තිබෙන මහේෂ් නැමැති සිරකරුවා ‘බාබන’ පැළැන්දූ සිරකරුවකු බව වාර්ථා වේ. ‘බාබනයක්’ පළඳවන්නේ මුළු බන්ධනාගාරයේ සිටින හොඳම සිරකරුවාටය. රිදී පැහැති ලොකු පටියක් සිරකරුවාගේ උරය සහ ඉඟ අතරේ පළඳවන්නේ බන්ධනාගාර කොමසාරිස්වරයා විසින් ය. ‍මහේෂ් නැමැති මෙම සිරකරුවාට බාපනය පළඳවා ඇත්තේ මීට වසර අටකට පමණ පෙර හිටපු බන්ධනාගාර කොමසාරිස්වරයා විසිනි. එම බාපනය ගලවන්නට බන්ධනාගාරයේ අධිකාරිවරයාටද බලයක් නැතැයි වාර්ථා වේ. බාපනය පැළඳූ බන්ධනාගාරයේ හොඳම සිරකරුවා වහලයක් මතට නැගීම සිරකරුවන් අතරේ විශාල උණුසුමක් පැතිරවීමට සමත් වී තිබේ.
මේ අතර වහලය උඩ නැග සිටින සිරකරුවාට සහය පිණිස අද (11) දහවල් වැලිකඩ බන්ධනාගරයේ සිරකරුවන්ට සැපයූ ආහාර ඔවුන් අනුභව කර නැත. ඒවා බන්ධනානාගාරය ඇතුලේ තැනක ගොඩ ගසා තිබෙන අතර බන්ධනාගාර ආරංචි මාර්ග පැවසුවේ ‘බත් කන්දක්’ ඉවත් කිරීම දැන් ආරම්භ කර ඇති බවයි.
වහලය මත නැග සිටින මහේෂ් නැමැති සිරකරුවා පවසන්නේ තමන්ගේ සිර දඬුවම් කාලය අඩු කරන ලෙසයි. මෙම සිරකරු වසර 95ක සිර දඬුවමක් විඳන බව වාර්ථා වේ. ඒ අතරේ ඔහු තවත් ඉල්ලීමක් වශයෙන් අඩු පඩි ලබන බන්ධනාගාර නියාමකවරුන්ගේ වැටුප් වැඩි කරන ලෙසත් ඉල්ලා තිබේ.
මේ අතර මෙම සිරකරුවාට සහය පළ කරමින් තවත් සිරකරුවන් දෙදෙනෙක් වහලය මතට නැග ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග කියයි

No comments: