මැයි 1 ඔබ අමතයි
ලෝකයේ වැඩකරන ජනතාව හෙට මැයි 1 වැනිදා 127 වැනි අන්තර්ජාතික කම්කරු දිනය
උත්කර්ෂවත් ලෙස සමරති. 'ලෝක කම්කරුවන් එක්වව්' සටන් පාඨය මුල් කරගනිමින්
මැයි දිනය පැවැත්වුවද මෙවරද කොළඹ නගරයේ ස්ථාන 19කදී මැයි දින රැලි
පැවැත්වීමට ලංකාවේ දේශපාලන පක්ෂ හා වෘත්තීය සමිති විසින් සංවිධානය කරනු
ලැබ තිබේ.
එක්සත්
ජනතා නිදහස් සන්ධානයේ මැයි පෙළපාළිය නෙලුම් පොකුණ මහින්ද රාජපක්ෂ රඟහලින්
ප.ව. 1ට ආරම්භ වී හෝට්ලන් මෙට්ලන් ක්‍රසන්ට් හන්දිය, හෝර්ටන් විජේරාම
හන්දිය, ඩී.එස්. විදුලි සංඥා හන්දිය අසලින් හැරී ඇල්විටිගල මාවත බොරැල්ල
මංසන්ධිය ඔස්සේ කැම්බල් පිටිය දක්වා ගමන් කර කැම්බල් පිටියේදී ප.ව. 3.00ට
ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ රැස්වීම පවත්වයි.
මහජන එක්සත්
පෙරමුණේ මැයි පෙළපාළිය ආයුර්වේද වටරවුම ළමා ක්‍රීඩාංගණය අසලින් ආරම්භ කර
කොටා පාර ඔස්සේ ගමන්කර බොරැල්ල මංසන්ධියේදී එ.ජ.නි.ස. පෙළපාළිය සමඟ එක්වේ.
ශ්‍රී ලංකා මහජන පක්ෂ මැයි පෙළපාළිය මරදාන ආනන්ද විද්‍යාලය අසල බයිට්
පිටියෙන් ආරම්භ වී මාලිගාකන්ද පාර ඔස්සේ මරදානට පැමිණ බොරැල්ල මංසන්ධිය
දක්වා ගමන්කර එ.ජ.නි.ස. පෙළපාළියට සම්බන්ධවේ.
ජනතා විමුක්ති
පෙරමුණේ මැයි පෙළපාළිය දෙහිවල එස්.ද.එස්. ජයසිංහ ක්‍රීඩාපිටියේ දහවල්
12.00ට ආරම්භ වී සිට සරණංකර හන්දිය, පාමංකඩ පාලම ස්ටෙෆර්ඩ් ඇවනියු,
කිරුළපොන පාලම, හයිලෙවල් පාර, උද්‍යාන පාර, මායා වටරවුම ඔස්සේ පැමිණ
බී.ආර්.සී. පිටියේ ප.ව. 4.00ට මැයි රැලිය පවත්වයි.
පෙරටුගාමී සමාජවාදී
පක්ෂය නවගම්පුර ක්‍රීඩා පිටියේ සිට 19 වැනි පටුමඟ ස්ටේස් පාර,
ග්‍රෑන්ඩ්පාස් සිරිමාවෝ බණ්ඩාරනායක මාවත, ජේතවන පාර, ජෝර්ජ් ආර්. ද සිල්වා
මාවත, සිරිල් සී. පෙරේරා මාවත ඔස්සේ පැමිණ කොටහේන රත්නම් ක්‍රීඩාපිටියේ
රැලිය පවත්වයි.
ජාතික නිදහස් පෙරමුණ දෙමටගොඩ ශාන්ත ජෝෂප් විදුහල
අසලින් දහවල් 12.00ට ආරම්භ වී පෙළපාළිය දෙමටගොඩ පොලිසිය පාර ඔස්සේ
බේස්ලයින් පාරට පැමිණ දෙමටගොඩ මංසන්ධිය සමන්තා සිනමාහල අසලින් වමට හැරී
ප්‍රදීපා මාවත හරහා ගොස් පී.ඩී. සිරිසේන ක්‍රීඩාංගණයේ ප.ව. 3.00ට රැලිය
පවත්වයි.
සමාජවාදී ජනතා පෙරමුණ නාරාහේන්පිට ශාලිකා ශාලාව අසලින්
පෙළපාළිය ආරම්භ වී උද්‍යාන පාර, ඇල්විටිගල මාවත, විජය කුමාරතුංග මාවත,
කිරුළපන මාවත, හයිලෙවල් පාර ඔස්සේ පැමිණ කිරුළපන නාගරික ක්‍රීඩාංගණයේදී
රැලිය පවත්වයි.
ලංකා බැංකු සේවක සංගමය ජයන්ත වීරසේකර මාවත විදුලි සංඥා
අසලින් ආරම්භ වී මාලිගාවත්ත ප්‍රදීපා ශාලාව දක්වා ගමන් කර ප්‍රදීපා ශාලාවේ
රැස්වීම පවත්වයි.
ලංකා වෙළෙඳ කාර්මික සහ පොදු කම්කරු සංගමය
(ඛ්.ර්.උ.) කොල්ලුපිටිය 22 වැනි පටුමඟෙන් පෙළපාළිය පිටත්වී ගාලු මුවෙදාර
වටරවුමට පැමිණ එතැනින් ආපසු කොල්ලුපිටිය රොටුන්ඩා හන්දිය ඔස්සේ
කොල්ලුපිටියට පැමිණ මුහුදුබඩ දකුණ මාර්ගයෙන් 22 වැනි පටුමඟට පැමිණ
(ඛ්.ර්.උ.) මූලස්ථානයේදී රැලිය පවත්වයි.
වෘත්තීය සමිති මහා
සම්මේලනය සහ ලංකා බැංකු සේවක විකල්ප සංගමය කොටුව දුම්රිය පොළ අසලින් ප.ව.
1.30ට ආරම්භ වී ලේක් හවුස් වටරවුම, චිත්තම්පලම් ගාඩිනර් මාවත කොම්පඤ්ඤවීදිය
පාර, යුනියන් පෙදෙස ඔස්සේ (හයිඩ් පිටිය) පිලිප් ගුණවර්ධන ක්‍රීඩාංගණයේදී
ප.ව. 3.30ට රැලිය පවත්වයි.
එක්සත් සමාජවාදී පක්ෂය ඔරු ගොඩවත්ත ගුවන්
පාලම අසලින් පෙළපාළිය ආරම්භ කර ඔරුගොඩවත්ත හන්දියට පැමිණ ස්ටේස් පාර
කොස්ගස් හන්දියට පැමිණ රැලිය පවත්වයි.
නව සම සමාජ පක්ෂය සහ
සමාජවාදී පක්ෂය ප්‍රයිස් පිටියෙන් පෙළපාළිය පටන්ගෙන මොහොමඩ් සෙයින් මාවත,
සිරි කදිරේෂන් පාර, ශාන්ත පෝල් මාවත, ජින්තුපිටිය වීදිය විවේකානන්ද හිල්
වීදිය මිහිඳු මාවත, ගුණසිංහපුර ඔස්සේ නැවත ප්‍රයිස් පිටියට පැමිණ රැලිය
පවත්වයි.
නිදහස් වෙළෙඳ කලාප සහ පොදු සේවක සංගමය ආමර්වීදිය සුලෙයිමන්
රෝහල ඉදිරිපිට වින්සන් පෙරේරා මාවතෙන් පෙළපාළිය පිටත්වී බාබාපුල්ලේ මාවත
ඔස්සේ ෆයිස් මන්සිල් ප්‍රජා ශාලාව දක්වා පැමිණ රැලිය පවත්වයි.
ප්රජාතන්ත්රවාදී ජනතා කොංග්‍රසය කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානය
ඉදිරිපිටින් පෙළපාළිය ආරම්භ කර හෙට්ටියාවත්ත, රාමනාදන් මාවත, ඉබ්බගෙවත්ත
හන්දිය අලුත් මාවත ඔස්සේ පැමිණ මට්ටක්කුලිය විශ්වයික් ක්‍රීඩාංගණයේ මැයි
රැලිය පවත්වයි.
සමාජවාදී සමසමාජ පක්ෂය කොළඹ නව නගර ශාලාවේද,
ජූලි වර්ජකයන්ගේ ඒකාබද්ධ සංවිධානය මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේදී පෙ.ව.
9.00ටද රජයේ විශ්‍රාමිකයන්ගේ ඒකාබද්ධ ජාතික සංවිධානය පෙ.ව. 11.00ට මහජන
පුස්තකාල ශ්‍රවණාගාරයේදී ද සමාජ ප්රජාතන්ත්රවාදීන්ගේ එකමුතුව කෙසෙල්වත්ත
දිවංගත ජනපති ආර්. ප්‍රේමදාස ප්‍රතිමාව අසළදී පෙ.ව. 9.00ටදා මැයි රැලි
පවත්වයි. එම සංවිධාන පෙළපාළි සංවිධානය කරන්නේ නැත. එක්සත් ජාතික පක්ෂය
ප්රමුඛ ඒකාබද්ධ විපක්ෂය කුරුණෑගල මාලිගාපිටිය, ශ්‍රී ලංකා ප්රගතිශීලී
පෙරමුණ කෑගල්ල හේමාස් රැස්වීම් ශාලාව, ප්රජාතන්ත්රවාදී පක්ෂය, පැලවත්ත
බුද්ධදාස ක්‍රීඩාංගණය, එක්සත් ජාතික පක්ෂ යොවුන් මැයි රැලිය බදුල්ල
විල්ස්පාක් ක්‍රීඩාංගණය, ලංකා කම්කරු කොන්ග්රසය නුවරඑළිය කිවිකාස් එළිමහන්
රඟහල, කම්කරු ජාතික පෙරමුණ තලවාකැලේ බස් නැවැතුම්පොළ, කඳුරට ජනතා පෙරමුණ
ළිඳුල ටී. ආර්. සී. පිටිය, ජන සෙත පෙරමුණ බත්තරමුල්ල පක්ෂ කාර්යාලයේදී මැයි
රැලි පවත්වති.
යාපනය නගරයේ නෙල්ලි අඩි, අරසඩි ඥාන වෛවරවල්
කෝවිලේදී දෙමළ මහජන පෙරමුණද, නගර සභා පිටියේදී ඊළාම් ජනතා
ප්රජාතන්ත්රවාදී පක්ෂය යාපනය නගර සභා පිටියේද, දෙමළ මහජන පෙරමුණ, නෙල්ලි
අඩි ඥාන වෛරවල් කෝවිලේදී ද, නව ප්රජාතන්ත්රවාදී මාක්ස් ලෙනින් වාදී පක්ෂය
යාපන සමයින්පාර පක්ෂ කාර්යාලයේදී ද එම පක්ෂයම වවුනියාව පැරැණි නගර සභා
ශාලාවේදී ද උතුරු පළාතේ මැයි රැලි පවත්වති.
ලෝකයේ වැඩකරන ජනතාව හෙට මැයි 1 වැනිදා 127 වැනි අන්තර්ජාතික කම්කරු දිනය උත්කර්ෂවත් ලෙස සමරති. 'ලෝක කම්කරුවන් එක්වව්' සටන් පාඨය මුල් කරගනිමින් මැයි දිනය පැවැත්වුවද මෙවරද කොළඹ නගරයේ ස්ථාන 19කදී මැයි දින රැලි පැවැත්වීමට ලංකාවේ දේශපාලන පක්ෂ හා වෘත්තීය සමිති විසින් සංවිධානය කරනු ලැබ තිබේ.
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මැයි පෙළපාළිය නෙලුම් පොකුණ මහින්ද රාජපක්ෂ රඟහලින් ප.ව. 1ට ආරම්භ වී හෝට්ලන් මෙට්ලන් ක්‍රසන්ට් හන්දිය, හෝර්ටන් විජේරාම හන්දිය, ඩී.එස්. විදුලි සංඥා හන්දිය අසලින් හැරී ඇල්විටිගල මාවත බොරැල්ල මංසන්ධිය ඔස්සේ කැම්බල් පිටිය දක්වා ගමන් කර කැම්බල් පිටියේදී ප.ව. 3.00ට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ රැස්වීම පවත්වයි.
මහජන එක්සත් පෙරමුණේ මැයි පෙළපාළිය ආයුර්වේද වටරවුම ළමා ක්‍රීඩාංගණය අසලින් ආරම්භ කර කොටා පාර ඔස්සේ ගමන්කර බොරැල්ල මංසන්ධියේදී එ.ජ.නි.ස. පෙළපාළිය සමඟ එක්වේ.
ශ්‍රී ලංකා මහජන පක්ෂ මැයි පෙළපාළිය මරදාන ආනන්ද විද්‍යාලය අසල බයිට් පිටියෙන් ආරම්භ වී මාලිගාකන්ද පාර ඔස්සේ මරදානට පැමිණ බොරැල්ල මංසන්ධිය දක්වා ගමන්කර එ.ජ.නි.ස. පෙළපාළියට සම්බන්ධවේ.
ජනතා විමුක්ති පෙරමුණේ මැයි පෙළපාළිය දෙහිවල එස්.ද.එස්. ජයසිංහ ක්‍රීඩාපිටියේ දහවල් 12.00ට ආරම්භ වී සිට සරණංකර හන්දිය, පාමංකඩ පාලම ස්ටෙෆර්ඩ් ඇවනියු, කිරුළපොන පාලම, හයිලෙවල් පාර, උද්‍යාන පාර, මායා වටරවුම ඔස්සේ පැමිණ බී.ආර්.සී. පිටියේ ප.ව. 4.00ට මැයි රැලිය පවත්වයි.
පෙරටුගාමී සමාජවාදී පක්ෂය නවගම්පුර ක්‍රීඩා පිටියේ සිට 19 වැනි පටුමඟ ස්ටේස් පාර, ග්‍රෑන්ඩ්පාස් සිරිමාවෝ බණ්ඩාරනායක මාවත, ජේතවන පාර, ජෝර්ජ් ආර්. ද සිල්වා මාවත, සිරිල් සී. පෙරේරා මාවත ඔස්සේ පැමිණ කොටහේන රත්නම් ක්‍රීඩාපිටියේ රැලිය පවත්වයි.
ජාතික නිදහස් පෙරමුණ දෙමටගොඩ ශාන්ත ජෝෂප් විදුහල අසලින් දහවල් 12.00ට ආරම්භ වී පෙළපාළිය දෙමටගොඩ පොලිසිය පාර ඔස්සේ බේස්ලයින් පාරට පැමිණ දෙමටගොඩ මංසන්ධිය සමන්තා සිනමාහල අසලින් වමට හැරී ප්‍රදීපා මාවත හරහා ගොස් පී.ඩී. සිරිසේන ක්‍රීඩාංගණයේ ප.ව. 3.00ට රැලිය පවත්වයි.
සමාජවාදී ජනතා පෙරමුණ නාරාහේන්පිට ශාලිකා ශාලාව අසලින් පෙළපාළිය ආරම්භ වී උද්‍යාන පාර, ඇල්විටිගල මාවත, විජය කුමාරතුංග මාවත, කිරුළපන මාවත, හයිලෙවල් පාර ඔස්සේ පැමිණ කිරුළපන නාගරික ක්‍රීඩාංගණයේදී රැලිය පවත්වයි.
ලංකා බැංකු සේවක සංගමය ජයන්ත වීරසේකර මාවත විදුලි සංඥා අසලින් ආරම්භ වී මාලිගාවත්ත ප්‍රදීපා ශාලාව දක්වා ගමන් කර ප්‍රදීපා ශාලාවේ රැස්වීම පවත්වයි.
ලංකා වෙළෙඳ කාර්මික සහ පොදු කම්කරු සංගමය (ඛ්.ර්.උ.) කොල්ලුපිටිය 22 වැනි පටුමඟෙන් පෙළපාළිය පිටත්වී ගාලු මුවෙදාර වටරවුමට පැමිණ එතැනින් ආපසු කොල්ලුපිටිය රොටුන්ඩා හන්දිය ඔස්සේ කොල්ලුපිටියට පැමිණ මුහුදුබඩ දකුණ මාර්ගයෙන් 22 වැනි පටුමඟට පැමිණ (ඛ්.ර්.උ.) මූලස්ථානයේදී රැලිය පවත්වයි.
වෘත්තීය සමිති මහා සම්මේලනය සහ ලංකා බැංකු සේවක විකල්ප සංගමය කොටුව දුම්රිය පොළ අසලින් ප.ව. 1.30ට ආරම්භ වී ලේක් හවුස් වටරවුම, චිත්තම්පලම් ගාඩිනර් මාවත කොම්පඤ්ඤවීදිය පාර, යුනියන් පෙදෙස ඔස්සේ (හයිඩ් පිටිය) පිලිප් ගුණවර්ධන ක්‍රීඩාංගණයේදී ප.ව. 3.30ට රැලිය පවත්වයි.
එක්සත් සමාජවාදී පක්ෂය ඔරු ගොඩවත්ත ගුවන් පාලම අසලින් පෙළපාළිය ආරම්භ කර ඔරුගොඩවත්ත හන්දියට පැමිණ ස්ටේස් පාර කොස්ගස් හන්දියට පැමිණ රැලිය පවත්වයි.
නව සම සමාජ පක්ෂය සහ සමාජවාදී පක්ෂය ප්‍රයිස් පිටියෙන් පෙළපාළිය පටන්ගෙන මොහොමඩ් සෙයින් මාවත, සිරි කදිරේෂන් පාර, ශාන්ත පෝල් මාවත, ජින්තුපිටිය වීදිය විවේකානන්ද හිල් වීදිය මිහිඳු මාවත, ගුණසිංහපුර ඔස්සේ නැවත ප්‍රයිස් පිටියට පැමිණ රැලිය පවත්වයි.
නිදහස් වෙළෙඳ කලාප සහ පොදු සේවක සංගමය ආමර්වීදිය සුලෙයිමන් රෝහල ඉදිරිපිට වින්සන් පෙරේරා මාවතෙන් පෙළපාළිය පිටත්වී බාබාපුල්ලේ මාවත ඔස්සේ ෆයිස් මන්සිල් ප්‍රජා ශාලාව දක්වා පැමිණ රැලිය පවත්වයි.
ප්රජාතන්ත්රවාදී ජනතා කොංග්‍රසය කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානය ඉදිරිපිටින් පෙළපාළිය ආරම්භ කර හෙට්ටියාවත්ත, රාමනාදන් මාවත, ඉබ්බගෙවත්ත හන්දිය අලුත් මාවත ඔස්සේ පැමිණ මට්ටක්කුලිය විශ්වයික් ක්‍රීඩාංගණයේ මැයි රැලිය පවත්වයි.
සමාජවාදී සමසමාජ පක්ෂය කොළඹ නව නගර ශාලාවේද, ජූලි වර්ජකයන්ගේ ඒකාබද්ධ සංවිධානය මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේදී පෙ.ව. 9.00ටද රජයේ විශ්‍රාමිකයන්ගේ ඒකාබද්ධ ජාතික සංවිධානය පෙ.ව. 11.00ට මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේදී ද සමාජ ප්රජාතන්ත්රවාදීන්ගේ එකමුතුව කෙසෙල්වත්ත දිවංගත ජනපති ආර්. ප්‍රේමදාස ප්‍රතිමාව අසළදී පෙ.ව. 9.00ටදා මැයි රැලි පවත්වයි. එම සංවිධාන පෙළපාළි සංවිධානය කරන්නේ නැත. එක්සත් ජාතික පක්ෂය ප්රමුඛ ඒකාබද්ධ විපක්ෂය කුරුණෑගල මාලිගාපිටිය, ශ්‍රී ලංකා ප්රගතිශීලී පෙරමුණ කෑගල්ල හේමාස් රැස්වීම් ශාලාව, ප්රජාතන්ත්රවාදී පක්ෂය, පැලවත්ත බුද්ධදාස ක්‍රීඩාංගණය, එක්සත් ජාතික පක්ෂ යොවුන් මැයි රැලිය බදුල්ල විල්ස්පාක් ක්‍රීඩාංගණය, ලංකා කම්කරු කොන්ග්රසය නුවරඑළිය කිවිකාස් එළිමහන් රඟහල, කම්කරු ජාතික පෙරමුණ තලවාකැලේ බස් නැවැතුම්පොළ, කඳුරට ජනතා පෙරමුණ ළිඳුල ටී. ආර්. සී. පිටිය, ජන සෙත පෙරමුණ බත්තරමුල්ල පක්ෂ කාර්යාලයේදී මැයි රැලි පවත්වති.
යාපනය නගරයේ නෙල්ලි අඩි, අරසඩි ඥාන වෛවරවල් කෝවිලේදී දෙමළ මහජන පෙරමුණද, නගර සභා පිටියේදී ඊළාම් ජනතා ප්රජාතන්ත්රවාදී පක්ෂය යාපනය නගර සභා පිටියේද, දෙමළ මහජන පෙරමුණ, නෙල්ලි අඩි ඥාන වෛරවල් කෝවිලේදී ද, නව ප්රජාතන්ත්රවාදී මාක්ස් ලෙනින් වාදී පක්ෂය යාපන සමයින්පාර පක්ෂ කාර්යාලයේදී ද එම පක්ෂයම වවුනියාව පැරැණි නගර සභා ශාලාවේදී ද උතුරු පළාතේ මැයි රැලි පවත්වති.
No comments:
Post a Comment