Thursday, May 2, 2013

Country is the most valuable thing.... - Wimal Weerawansa

ඇමැතිකමට වඩා රට වටින බව විමල් වීරවංශ මැයි රැලියේ කියයි .....

දිවි සේ ඇළුම් කළ පක්‍ෂය වූ ජනතා විමුක්ති පෙරමුණ හැර දා ආවේද එම පක්‍ෂය මවුබිම දෙකඩ වීමේ කුමන්ත‍්‍රණයක ගොදුරක් වූ නිසා බවත් ,එවන් ඉතිහාස භාවිතාවක් සහිත තමන්ට මවුබිම වෙනුවෙන් ඕනෑම තනතුරක් අතහැරීම සූලූ දෙයක් බවත් නිවාස පොදු පහසුකම් සහ ඉංජිනේරු සේවා ඇමැති විමල් වීරවංශ පවසයි. ඇමැතිකමට වඩා තමන් රට මුල් කොට සලකන බැවින් ඇමැතිකම තමන් අල්ලා සිටින්නේ ඉතා බුරුලට ඕනෑම අවස්ථාවක අත හැරීමට හැකි ලෙස බවත් ඔහු සඳහන් කරයි. ඒ වගේම ඇමැතිකම දමා යන්නට කවුරුන් හෝ පවසන්නේ ඇමැතිකම අත හරින්නට ඕනෑම අවස්ථාවක සූදානම් බවත් හෙතෙම පවසයි.
අමාත්‍ය විමල් වීරවංශ මහතා මේ අදහස් පළ කළේ ( 01දා) දින මාලිගාවත්ත පී.ඞී. සිරිසේන ක‍්‍රීඩා පිටියේ පැවැති ජාතික නිදහස් පෙරමුණේ මැදි දින රැළිය අමතමිනි.

සන්නද්ධ ත‍්‍රස්තවාදයෙන් දිනා ගත හැකි නොවූ ඊළම දිනා ගැනීම සඳහා ඉන්දියාව බටහිර සමග එක්ව ව්‍යවස්ථාමය කුමන්ත‍්‍රණයක් ආරම්භ කර ඇති බවත්, උතුරේ පැවැත්වෙන බව කියන පළාත් සභා මැතිවරණය එහි තියුණු සන්ධිස්ථානයක් බවත් අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

එබැවින් උතුරේ පැවැත්වීමට නියමිත පළාත් සභා මැතිවරණයට තමන් ඇතුළු සිය පක්ෂය හා පාක්ෂිකයින් මුළුමණින්ම විරුද්ධ යැයි පැවසූ විමල් වීරවංශ, තමන් වෙනම වේදිකාවකට ගොඩ වුණේ කියන්න තියෙන දේ අවංකව කියන්නට ඕනෑ කළ නිසා යැයි පැවසීය.

No comments: