Sunday, November 18, 2012

වළං විකිණීමේ රහස ඒකයි

මෙවර අය වැයෙන් බලපත්‍ර නොමැතිව පොල් හා කිතුල් ගස්වලින් හකුරු හා පැණි නිෂ්පාදන කිරීමට අවසර ලබාදීම හේතුවෙන් බලංගොඩ සහ අවට ප්‍රදේශවල වළං අලෙවි කරන වෙළඳසැල්වල ගස්වල එල්ලීමට ගන්නා වළං විශාල ලෙස අලෙවි වීමට පටන් ගෙන ඇතැයි වළං අලෙවි කරන වෙළඳ සැල් හිමියෝ පවසති. කාලයක් වෙළඳසැල් වල අලෙවි නොවී තිබුණ විශාල වළං මෙලෙස අලෙවි වන අතර ඒ තුළින් ‍තමන්ට විශාල ආදායමක් ද ලැබෙන බව වෙළඳසැල් හිමියෝ ප්‍රකාශ කරති. මේ තත්තවය හේතුවෙන් වළං නිෂ්පාදකයනටත් ‍හොඳකලක් උදාවී ඇතැයි ඔවුහු ප්‍රකාශ කරති.

No comments: