Thursday, November 22, 2012

ප්‍රදේශීය සභාපතිගේ නිවසට මැර ප්‍රහාරයක්

සූරියවැව ප්‍රාදේශිය සභාවේ සභාපති ජී.ඒ.සුජිත් මුතුකුමාරණ මහතා පදිංචි විහාරගල නිවසට යතුරු පැදිවලින් පැමිණ පිරිසක් පොලු, මුගුරුවලින් ගසා දොර ජනේල කුඩුපට්ටම් කර ඔහුට බැණ වැදී පළා ගොස් තිබේ. ‍ඊයේ (21) රාත්‍රී 11.30 ට පමණ මෙම පහරදීම සිදුකර ඇති බව සභාපතිවරයා විසින් සූරියවැව පොලිසියට පැමිණිළි කර තිබේ. රාත්‍රී 11.15 ට පමණ යතුරු පැදිවලින් පැමිණ නාඳුනන පිරිසක් දොර ජනේල වලට පොලුවලින් පහරදී ජනේල වීදුරු කුඩුපට්ටම් කර දමා තමාට පරුෂ වචනයෙන් බැණ වැදී යතුරු පැදිවලින් පළාගිය බවත් පැමිණිළි කර තිබේ. තමාට සහ පවුලේ අයට හිරිහැරයක් සිදුකර නැති බවත් පුද්ගලයන් හතර, පස් දෙනෙකු පැමිණෙන්නට ඇතැයි විශ්වාස කරන බවත් පැමිණිල්ලේ සඳහන්වේ. සූරියවැව පොලිසිය වැඩිදුර පරික්ෂණ පවත්වයි.

No comments: