Thursday, November 22, 2012

මිලංකා ළඟදීම අහෝසියි,අලුත් එකක් එයි

ගෝලීය වශයෙන් පිළිගන්නා නව දර්ශකයක් හදුන්වාදී මෙතෙක් ක්‍රියාත්මක වන මිලංකා මිල දර්ශකය ලබන ජනවාරි පළමුවැනි දින සිට අත්හිටුවන බව කොළඹ ව්‍යාපාර වස්තු හුවමාරුව සදහන් කරයි. කොටස් වෙළදපොළ ක්‍රියාකාරීත්වය මැනීම සදහා මේ වන විට භාවිත වන්නේ මිලංකා මිල දර්ශකයයි. එනමුත් විනිවිද භාවයෙන් සහ ගෝලීය වශයෙන් අනුමත ඉහළම ප්‍රතිපත්ති මත පිහිටමින් කොළඹ ව්‍යාපාර වස්තු හුවමාරුව සහ ඩව් ජෝන්ස් ( S & P Dow Jones ) දර්ශක හා එක්ව ශක්තිමත් ක්‍රමවේදයකට නව දර්ශකය ගොඩනංවා තිබේ. “S & P ශ්‍රී ලංකා 20නමින් හදුන්වාදී ඇති නව දර්ශකය ලබන 2013 වසරේ ජනවාරි පළමු වැනි දින සිට මෙරට කොටස් වෙළද පොළ තුළ භාවිත කිරීමට නියමිතය.

No comments: