Saturday, November 24, 2012

දෝශාභියෝගය ගැන කතා කිරීම නුසුදුසු බව කථානායකතුමා දන්වා තිබෙනවා

අගවිනිසුරුවරියට එරෙහි දෝෂාභියෝගය සම්බන්ධයෙන් මන්ත‍්‍රීවරුන් ප‍්‍රසිද්ධියේ කතා කරමින් විවේචනය නොකළ යුතු බවට ආණ්ඩු පක්‍ෂය තීරණයක් ගෙන ඇති බව රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍ය ඩබ්ලිව්.ඞී.ජේ සෙනවිරත්න මහතා පැවැසීය. පාර්ලිමේන්තු සංකීර්ණයේ කමිටු ශාලා අංක 8 පැවැති විශේෂ ප‍්‍රවෘත්ති සාකච්ඡාවකදී මාධ්‍යවේදියකු නැගූ ප‍්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍ය ඩබ්ලිව්.ඞී.ජේ. සෙනවිරත්න මහතා අද(23) එසේ සඳහන් කළේය.
කථානායකතුමා දෝශාභියෝගය ගැන කතා කිරීම නුසුදුසු බව දන්වා තිබෙනවා. අගවිනිසුරුවරිය එම ආයතනයේ ප‍්‍රධානියා. ඒ නිසා අධිකරණය, විනිසුරුවරුන් සහ නීතිඥයන්ද ඒක රකීවි යැයි මා විශ්වාස කරනවා. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් තමන්ගෙ ප‍්‍රසස්ත භාවය ඉදිරිපත් කිරීමට යාම වැරදියි. ආණ්ඩුක‍්‍රම ව්‍යාවස්ථාව උල්ලංඝනය කරන ආකාරය සමහර කතා වලින් පෙණුනා. දෝශාභියෝගය මේ රටේ නීතිය තුළින් සකස් කළ අයිතියක්. අගවිනිසුරුවරියගේ ක‍්‍රියා කලාපය හොඳ නැහැ කියලා හිතෙනවානම් එවැනි දෝශාභියෝගයක් ගෙන ආ හැකියි.
අද එතුමිය තමන්ගෙ නීතිඥයන් සමඟ ඇවිත් නිදහසට කරුණු ඉදිරිපත් කරනු ලැබුවායි අමාත්‍ය ඩබ්ලිව් . ඞී. ජේ සෙනවිරත්න මහතා පැවැසීය.

No comments: