Thursday, November 22, 2012

නි.ඇමති නන්දි මිත්‍ර සභාව අමතද්දී ඇමති ෆීලික්ස් පාර්ලිමේන්තුවේ ඇද වැටේ

සෞඛ්‍ය හා දේශිය වෛද්‍ය අමාත්‍යාංශ වැය ශිර්ෂ විවාදය පැවැත්වෙද්දි සමාජ සේවා ඇමති ෆිලික්ස් පෙරේරා මහතා පාර්ලිමේන්තු සභා ගර්භයේ ආණ්ඩු පක්ෂ පිවිසුම් දොරටුව අසලදි  (22) සවස පය පැටලි ඇද වැටුනේය. විවාදය පැවැත්වෙද්දි සභාවට පැමිණි ඇමතිවරයා ආණ්ඩු පක්ෂ මන්ත්‍රී ආසනයන්හි පසුපෙළ ආසනවල අසුන්ගෙන සිටි මන්ත්‍රීවරුන් වන අචල ජාගොඩ මහතා හා උපෙක්ෂා ස්වර්ණමාලි මහත්මිය සමඟ කතා බහ කරමින් සිටියේය. පසුව ඔහු ඔවුන් අසලින් පිටත්ව යද්දි එම ආසන හා සභාවේ පිවිසුම් දොර අසල තීරුවේදි පය පැටලි ඇද වැටුනේය. එම අවස්ථාවේදි පාර්ලිමේන්තු සේවකයන් හා ඒ ආසන්නයේ සිටි මන්ත්‍රීවරුන් ඔහු අසලට පැමිණි ඇමතිවරයා නැගිටවනු ලැබිය. පසුව ඇමතිවරයා සේවකයන්ගේ ආධාරයෙන් සභාවෙන් පිටව ගියේය. ෆිලික්ස් පෙරේරා ඇමතිවරයා සභාවේ පසු පස දොර ආසන්න කොරිඩෝවේ ඇද වැටෙන අවස්ථාවේ උසස් අධ්‍යාපන නියෝජ්‍ය ඇමතිවරයා සභාව අමතමින් සිටියේය.

No comments: