Thursday, November 22, 2012

අගවිනිසුරුවරිය හෙට විශේෂ කාරක සභාව හමුවට

අගවිනිසුරු ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක මහත්මිය දෝෂාභියෝගය පිළිබඳ විමර්ශනය කරන පාර්ලිමේන්තු විශේෂ තේරිම් කාරක සභාව හමුවේ හෙට (23) පෙනී සිටීමට නියමිතය. අගවිනිසුරුවරියට එරෙහිව ඉදිරිපත්ව තිබෙන දෝෂාභියෝග යෝජනාවේ චෝදනා සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා ඒ මහත්මියට මෙම 23 දා විශේෂ කාරක සභාව හමුවේ පෙනී සිටින ලෙස දෝෂාභියෝග චෝදනා විමර්ශනය කරන කාරක සභාව පසුගිය 14 දා දැනුම් දී තිබුණි.
තවද දෝෂාභියෝග යෝජනාවේ සඳහන් චෝදනා පිළිබඳ විත්ති වාචකය අද (22) දිනට පෙර ඉදිරිපත් කරන ලෙසද විශේෂ කාරක සභාව දැනුම් දී තිබුණි. ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වීමට සති 6ක කාලයක්  දෙන්නැයි අගවිනිසුරුවරිය සිය නීතිඥයන් මාර්ගයෙන් ඉල්ලීමක් කරමින් කාරක සභාව වෙත ලිපියක් එවන ලදී.

No comments: