Thursday, November 22, 2012

ජනපති පදවි ප්‍රාප්තිය සමරා කුල කතුන් සියයක් සසුනට

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ සහ පදවි ප්‍රාප්තිය සැමරීමට සමගාමීව කුල කාන්තාවන් සියයක් දෙනා පැවිදිකර සසුන්ගත කිරීමේ බෞද්ධ ආගමික වැඩ සටහනක් ක්‍රියාත්මක කිරීමට රුහුණු මාගම්පුර කාන්තා සංසදය කටයුතු කරනු ලබයි. “රකිමු ලක්දිව මෙහෙණි සඟ සසුන” යන අරමුණ ‍තේමා කොටගෙන කෙරෙන මෙම බෞද්ධ ආගමික ජාතික වැඩ සටහන සඳහා අනුග්‍රාහකත්වය දරමින් දටයුතු කරනු ලබන්නේ සිතුල්පව්ව රජමහ විහාරස්ථානයේ දක්ෂිණ ලංකාවේ උප සංඝනායක මැටඹේ හේමරතන සහ බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ කිරම විමලජෝති යන ස්වාමීන්වහන්සේලාය.

No comments: