Thursday, November 22, 2012

දැයට කිරුළ මුදල් වංචාව සොයද්දී සාමාන්‍යාධිකාරිට අසූචි ගසයි

දැයට කිරුළ ව්‍යාපෘතියේ දී සිදු වූ දැවැන්ත මුදල් වංචාවක් පිළිබඳ විමර්ෂණ ආරම්භ කළ උතුරුමැද පළාත් සංවර්ධන අධිකාරියේ සාමාන්‍යාධිකාරි එම්.ඩබ්. සිංහරත්න බණ්ඩාර මහතාට අද (22) උදෑසන 9- 10ත් අත‍ර කාලයේ දී නාඳුනන පුද්ගලයකු විසින් පාර්සල් කරන ලද අසූචි පාර්සලයකින් පහර දී තිබේ. මෙම පහර දීම සිදු වී ඇත්තේ ඒ මහතා අනුරාධපුර, ඩී.එස්.සේනානායක මාවතේ පිහිටි කාර්‍යාලයේ සේවය කරමින් සිටියදී ය. අසූචි පාර්සලය වැදී ඒ මහතා අසූචිවලින් නැහැ වී ගොස් ඇති අතර පසුව බණ්ඩාර මහතා ජනමාධ්‍යයට ප්‍රකාශ කළේ අසූචි ගසා තමන් බිය ගැන්විය හෝ ලැජ්ජාවට පත් කළ නොහැකි බවත්, මෙම මුදල් වංචාකරුවන් නීතියේ රැහැනට අල්ලා දෙනතුරු විමර්ෂණ දිගටම පවත්වා ගෙන යන බවත් ය.

No comments: