Saturday, November 24, 2012

ලක්‍ෂ විස්‌ස වතුරේ යයි

පාලමක්‌ ඉල්ලා හඬ නැගූ වැල්ලවායේ පරගස්‌මංකඩ රදාපොල ගම්වාසීනට ඒ වෙනුවට රුපියල් ලක්‍ෂ 20 ක්‌ වැයකර ඉදිකළ "කෝසුව" පෙරේදා (22 දා) රාත්‍රි ඇද හැළුණ මහ වර්ෂාව සමඟ වතුරට සේදී ගිය අයුරු මෙහි දැක්‌වේ.

තම ගමට පාලමක්‌ ඉල්ලා ප්‍රදේශවාසීන් ඌව මහ ඇමැති ශෂීන්ද්‍ර රාජපක්‍ෂ මහතාට කළ ආයාචනයකින් පසුව ඒ මහතා බලධාරීන්ට පැවරුයේ ගම්වාසීන්ගේ ඉල්ලීම ඉටුකර දෙන ලෙසය. එහෙත් ප්‍රාදේශීය ලේකම්වරයා හා ඉංජිනේරුවරයකුගේ නිර්දේශය වී ඇත්තේ "පාලම" වෙනුවට "කෝසුවක්‌" තැනීමය. ගම්වාසීන්ගේද විරෝධතාව මැද තැණුනු එම "කෝසුව" නියමිත කම්බි යොදා නොසෑදීම නිසා පෙරේදා ඊට වැයවූ මුදල් වතුරේ ගසාගෙන ගොස්‌ ඇත. කොන්ත්‍රාත්කරුවන්ගේ මුදල් ගසා කෑම ගැන පියවර ගන්නා ලෙස ජනතාව ඌව මහ ඇමතිවරයාගෙන් ඉල්ලා සිටිති.

No comments: