Wednesday, November 21, 2012

ජංගම දුරකථනයෙන් අසැබී දසුන් පෙන්වා දැරියකට එලෙස සිටීමට ආරාධනා කරලා.......

                   නිවසකට අයුතු ලෙස රාත්‍රී කාලයේ දී ඇතුලු වී බාල වයස්කාර දැරියකට ජංගම දුරකථනයෙන් අසභ්‍ය රූප පෙන්වා ලිංගික අතවර කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා ලැබූ අයෙකු නොවැම්බර් 26 දින දක්වා රක්ෂිත බන්ධානාගාර ගත කිරීමට මීගමුව ප්‍රධාන මහේස්ත්‍රාත් ඒ‍‍.එම්.එන්.පී අමරසිංහ මහතා නියෝග කළේය.
                    රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත්තේ මහහුණුපිටිය පදිංචි මීගමුව මහ නගර සභාවේ සේවකයකු බව කියන පුද්ගලයෙකි. දැරිය 10 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන අතර පසුගිය මාසයේ දිනක මීගමුව මහ නගර සභාවේ සෞඛ්‍ය පරික්ෂක මහත්වරු හා වෛද්‍යවරුන් එක්ව ඇය ඉගෙනීම ලබන විදුහලේ සෞඛ්‍ය වැඩසටහන් පවත්වා ඇත. එහිදී සැකකාර පුද්ගලයා නගර සභාවේ සේවය කරන බවට දැරියට හඳුන්වා දී දුරකථන අංක හුවමාරු කරගෙන ඇත. නගර සභා සේවකයා බව කියන තැනැත්තා 17 වන දින රාත්‍රියේ දැරියගේ නිවසට හොර රහසේ ඇතුලු වී ජංගම දුරකථනයේ තිබූ අසභ්‍ය දර්ශන පෙන්වා ඔයාටත් මේ වගේ සිටීමට පුළුවන් දැයි අසමින් සිප වැළද ගත් බව දැරිය පොලිසියට ප්‍රකාශ කර ඇත.

No comments: