Thursday, November 22, 2012

දෝෂාභියෝග විමර්ශනයට පත් කළ මන්ත්‍රීවරුන් දෙදෙනාට එරෙහි පෙත්සම් විභාග කිරීම දෙසැම්බර් 11දා

අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක මහත්මියට එරෙහිව ඉදිරිපත් කර ඇති දෝෂාභියෝග චෝදනා විමර්ශනය කිරීමට පත්කර ඇති පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ මන්ත්‍රීවරුන් දෙදෙනකු වන විමල් වීරවංශ හා රාජිත සේනාරත්න දෙදෙනා පක්ෂ ග්‍රාහී බව කියමින් ඔවුන්ට පෙත්සම්කරුවන් විසින් ඉදිරිපත් කර ඇති පෙත්සම් දෙක දෙසැම්බර් 11 දින විභාග කිරීමට අභියාචනාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල ඊයේ (21) නියෝග කළේය. මෙම පෙත්සම් ශ්‍රී ස්කන්ධරාජා, අනිල් ගුණරත්න, ඒ.ඩබ්ලිව්.එම්. සලාම් යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල අභිමුවේ ඊයේ විභාගයට පත් අවස්ථාවේ මෙම නියෝගය නිකුත් කළේය.

No comments: