Friday, November 23, 2012

අනුරපුරේ රඹපොකුණේ පස් පුරවා හෝටල් ගැසූ මන්ත්‍රිට දඩ දඬුවම්

අනුරාධපුරය, පෙරිමියන්කුළම පුරාවිදයා රක්ෂිතයේ තිබූ ඉපැරැණි රඹපොකුණ නම් ස්ථානය ගොඩකර ස්ථිර ගොඩනැගිලි ඉදිකළ බවට අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ දී වරද පිළිගත් අනුරාධපුර මධ්‍යම නුවරගම් පළාතේ එ.ජ.නි.සං හිටපු උප සභාපති සහ වර්තමාන මන්ත්‍රි සරත් කුමාර වීරසිංහ නැමැත්තාට රුපියල් පන් ලක්ෂයක දඩ මුදලක් සමග වසර දෙකක බරපතල සිර දඬුවමක් අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත්, අතිරේක දිසා විනිසුරු රුවන්දිකා මාරපන මහත්මිය අද (23) පස්වරුවේ නියම කළාය. වසර දෙකක බරපතල සිර දඬුවම් දස වසරකට අත්හිටුවනු ලැබිණ. මන්ත්‍රිවරයා මීට වසර කිහිපයකට ඉහත දී ඉපැරැණි රඹපොකුණ ස්ථානයට පිටතින් පස් ගෙනැවිත් දමා හෝටලයක්,ගොඩනැගිලි ද්‍රව්‍ය වෙළෙඳසලක්, ගල් වැඩපොළක් ඉදිකර තිබේ. අනුරාධපුර මූලස්ථාන පොලිසියේ පුරාවිද්‍යා පොලිස් ඒකකය මගින් මීට මාසයකට පමණ පෙර සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාරගත කර තිබිණ. මෙම දඬුවම් අද නියම කරන තුරු සැකකරු බන්ධනාගාරයේ පසුවිය.

No comments: