Friday, November 23, 2012

මහීපාල ඇමතිතුමා බලන්ගොඩ රෝහලට ඇවිත්.......

අද පෙරවරුවේ සබරගමු පළාත් සභාවේ මහ ඇමති හා සෞඛ්‍ය ඇමති මහීපාල හේරත් මහතා  බළන්ගොඩ මුලික රෝහලේ නිරීක්ෂණ චාරිකාවක නිරතවිය. භාණු මුණිපි‍්‍රය මහතා සෞඛ්‍ය අමැතිවරයාව සිටි කාලයේ ස්ථාපනය කළ දැඩි සත්කාර ඒකකය අමාත්‍යවරයාගේ නිරීක්ෂණයට ලක්විය.
බළන්ගොඩ මූලික රෝහළේ වෛද්‍ය අධිකාරී ඞී.එම්.සී. දසනායක මහතා රෝහළේ පවතින භෞතික හා මානව සම්පත් පිළිබඳව තොරතුරු ඉදිරිපත් කර තිබුණ අතර සංවර්ධනය කළයුතු කාර්යන් පිළිබඳව ප‍්‍රාදේශීය වෛද්‍ය අධ්‍යක්ෂ අතුල දංගල්ල මහතාට යොමුකර තිබුණි. 
 වෛද්‍ය දංගල්ල මහතා ඉදිරිපත් කළ අවශ්‍යතා ප‍්‍රමුඛතාවය අනුව ඉටුකිරීමට පියවර ගන්නා බවට මහිපාල හේරත් මහතා පොරොන්දු විය. සෞඛ්‍ය අමැති ලෙස පැමිණි පළමු රෝහල  බළන්ගොඩ මූලික රෝහල බව කී ඇමතිවරයා විශේෂඥ වෛද්‍යවරු නොමැතිව වසා දමා ඇති දැඩිසත්කාර ඒකකය ඉක්මණින් විවෘත කිරීමට අවශ්‍ය පියවර ගන්නා බව පැවසීය. 
 වැය ශීර්ෂ අනුමතව ඇති පස්මහල් ගොඩනැගිල්ලේ වැඩකටයුතු එන වසර ආරම්භයේ කඩිනම් කරන ලෙස අදාළ නිලධාරීන් දැනුම්වත් කළේය. ප‍්‍රසව හා නාරි විශේෂඥ වෛද්‍ය යූ ආර් ගමගේ මහතා ”දෛනිකව ගැබිණි මව්වරුන් 40 ක් පමණ වාට්ටුව ප‍්‍රමාණවත් නොවීම හා ඇඳන් මදිකමින් පුටු උඩ හා තැන්තැන් වල ඉන්නා බවයි. ප‍්‍රසව වේදනා විඳින අම්මාවරු මේ තත්වයේ සිටීම කණගාටුවට කරුණක් බවයි. ඊට අවශ්‍ය පියවර ගන්නා ලෙස වෛද්‍යවරයා අමාත්‍යවරයා ගෙන් ඉල්ලීය. 
එහිදී මහිපාල හේරත් අමාත්‍යවරයා වහාම වාට්ටුව දිගුකර අවශ්‍ය පරිදි සැකසීමට ප‍්‍රමුඛතාවය දෙන ලෙස පැවසීය. මෙහිදී මෙම අවස්ථාවට බළන්ගොඩ ශී‍්‍ර.ල.නි.ප.ප‍්‍රධාන සංවිධායක හිටපු පළාත් සෞඛ්‍ය අමාත්‍ය නව තොරතුරු තාක්ෂණ හා අධ්‍යාපන ඇති භාණු මුණිපි‍්‍රය පළාත්සභා මන්තී‍්‍ර අකිල සාලිය එල්ලාවල බළන්ගොඩ නගරාධිපති නිමල්ගාමිණි වීරසිංහ ඉඹුල්පේ ප‍්‍රාදේශීය සභා මන්තී‍්‍ර  ඉන්දු ගුණතිලක බලංගොඩ ප‍්‍රාදේශීය සභාපති සුනිල් මහතා ඇතුලූ රෝහල් කමිටු සාමාජිකයින් පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කන්නංගර ප‍්‍රාදේශීය සෞඛ්‍යසේවා අධ්‍යක්ෂ වෛද්‍ය අතුල දංගල්ල යන මහත්වරුද සහභාගීවුහ.

No comments: