Thursday, November 22, 2012

බලකායේ කාරියට පසු මාල කඩන කාරියට

දිවයිනේ ප්‍රදේශ රැසක කාන්තාවන්ගේ ගෙළ බැදි රන්මාල කඩා‍ගත් තරුණයින් ‍දෙදෙනෙකු ඊයේ (21) පෙරවරුවේ යතුරු පැදියකින් ගමන් කරමින් සිටියදී දුම්මලසූරිය නගරයේදී අත්අඩංගුවට ගෙන තිබේ. නගර සංචාරයේ යෙදුන පොලිස් නිලධාරින් විසින් මේ තරුණයන් දෙදෙනා පරික්ෂා කිරීමේදී රන්මාල කොටසක් සොයාගෙන ඇත. ඒ අනුව ප්‍රශ්න කිරීමේදී මෙම තරුණයින් දෙදෙනා විසින් කඩන ලද රන්මාල 17 ක් පිළිබඳ තොරතුරු පවසා ඇත. මේ සැකකරුවන් ගම්පහ උඩුගම්පල පදිංචිකරුවන් බව හඳුනාගෙන ඇත. එක් අයෙක් කටුනායක සිවිල් ආරක්ෂක බලකා කඳවුරේ ද අනෙක් තරුණයා සිවිල් ආරක්ෂක බලකායේම පුහුණුව ලැබූවෙක් බව පොලිසිය කියයි. දුම්මලසූරිය මාදම්පේ ගණේමුල්ල, සීදූව, මීගමුව හා මිනුවන්ගොඩ යන ප්‍රදේශ වලින් ඔවුන් මාල සොරකම් කර ඇත. රාජකාරිවලින් පසු දෙදෙනාම එක්ව යතුරුපැදියද උපයෝගී කරගෙන මේ සොරකම් සිදුකර තිබේ.

No comments: