Saturday, November 24, 2012

ඩෙංගු හෙළ ඔසුව පේටන්ට් බලපත්‍රය සඳහා යොමුකරයි

මාරාන්තික ඩෙංගු රෝගය සුවපත් කිරීමට ශ්‍රී ලාංකික ආයුර්වේද වෛද්‍යවරිය සොයාගත් හෙළ ඔසුව පේටන්ට් බලපත්‍රය සඳහා යොමු කිරීමට දේශීය වෛද්‍ය අමාත්‍යංශය තීරණය කර ඇත. ආයුර්වේද වෛද්‍ය තරංගා වික්‍රමසූරිය මහත්මිය සිය නවතම පර්යේෂණ මගින් මෙම සොයාගැනීම කර ඇති අතර එය  ඩෙංගු රෝගීන් සඳහා අත්හදා බැලීමට ක්‍රියා කර ඇත.
එහිදී රෝගීන් සාර්ථකව සුවපත් වූ බව හෙළිව ඇතැයි දේශීය වෛද්‍ය අමාත්‍යංශය සඳහන් කර සිටී. දැනට මෙම වෛද්‍යවරිය වයිරස් ආශ්‍රිත රෝගයක් වන ඒඩ්ස් රෝගය ඇතුළු රෝග රැසක් සුවපත් කිරීමට පර්යේෂණ ආරම්භ කර ඇත. දේශීය වෛද්‍යවරියගේ පර්යේෂණ කටයුතු සඳහා දේශීය වෛද්‍ය ඇමැති අමාත්‍යංශයේ පූර්ණ සහය  ලබා දීමට කටයුතු කරන බව දේශීය වෛද්‍ය සාලින්ද දිසානායක මහතා අවධාරණය කර සිටී.

No comments: