Thursday, November 22, 2012

වැරදි මග තේරූ නාවික සෙබළාට මරු තුරුළට

උතුරු කළුතර කැලිසෝ පාරේ දුම්රිය ගේට්ටුව වසා තිබියදී ඒ හරහා යතුරු පැදියක් ධාවනය කර රිංගා යාමට උත්සහ කළ නාවික හමුදා සෙබළුන් දෙදෙනෙකු ‍ඊයේ (21) රාත්‍රී 7.30 ට පමණ දුම්රියක ගැටීමෙන් එක් අයෙකු මිය ගිය අතර අනෙක් සෙබළ අසාධ්‍ය තත්වයෙන් කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර ඇත. උතුරු කළුතර විලේගොඩ මොරගහකන්ද වත්තේ පදිංචිව සිටි රඹුක්කනගේ උශාන් රංගික දයාරත්න (22) යන අය අනතුරින් මිය ගිය අතර තුවාල ලබා ඇත්තේ ගාල්ලේ පදිංචිකරුවෙකු වූ ඉන්දික ප්‍රදීප් ගුණවර්ධන නම් අයෙකි.

No comments: