Thursday, November 22, 2012

තනතුර අතැර නොගියොත් මරණ බවට රෝහල් අධ්‍යක්ෂකට තර්ජන

                          ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ෂෙල්ටන් පෙරේරා මහතාට රෝහල් අධ්‍යක්ෂක ධූරයෙන් වහා ඉල්ලා අස් නොවුනහොත් වෛද්‍ය අධ්‍යක්ෂවරයා සහ දියණිය මරා දමන බවට නිර්ණාමික දුරකථන ඇමතුමකින් කරන ලද මරණීය තර්ජනයක් පිළිබඳ ගාල්ල පොලිසිය පරික්ෂණ අරඹා තිබේ. 
                           ඊයේ (21 වනදා)  සවස 6.00 ට පමණ රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය ෂෙල්ටන් පෙරේරා මහතාගේ ජංගම දුරකථනයට ඇමතුමක් ලබාගෙන මෙසේ මරණීය තර්ජනය කර ඇති අතර වහාම රෝහල් අධ්‍යක්ෂ ධූරයෙන් ඉල්ලා ඉවත් නොවුනහොත් වෛද්‍යවරයා සහ ඔහුගේ දියණිය මරාදමන බවට මරණීය තර්ජනය කර ඇති බව රෝහල් අධ්‍යක්ෂවරයා පොලිසියට කළ පැමිණිල්ලේ සඳහන්ය. 
                            කරාපිටිය රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය ෂෙල්ටන් පෙරේරා මහතා ගෙන් කළ විමසුමකදී ඔහු සඳහන් කළේ කුමන හේතුවකට හෝ කුමන පදනමකට තමාට තනතුරින් ඉවත්වන ලෙස මෙසේ මරණීය තර්ජනය කරන්නේදැයි තමාට බරපතල ප්‍රශ්ණයක් බවයි. මේ සම්බන්ධයෙන් ගාල්ල පොලිසිය පරික්ෂණ අරඹා තිබේ.

No comments: