Saturday, November 24, 2012

"පොල් ගෙඩියෙන්" සල්ලි මල්ල පුරවාගෙන ව්‍යාපාරිකයා රට පනී

පොල් වගා ව්‍යාපෘතියකට යෑයි පවසමින් පිටරටවල පදිංචි ශ්‍රී ලාංකිකයන්ගෙන් රුපියල් කෝටි 100 ක පමණ මුදලක්‌ ලබාගත් පුද්ගලයකු කොළඹ ලෝක වෙළෙඳ මධ්‍යස්‌ථානයේ පවත්වාගෙන ගිය සිය ආයතනය ද වසා දමා විදේශගතව ඇත.

අදාළ ව්‍යාපෘතියට යෑයි කියමින් මොහු විසින් තමන්ට මුදල් ලබා දුන් අයට දී ඇති ඉඩම් පවා, රජයෙන් 99 වසරකට බද්දට ගත් ඒවා යෑයි හෙළිවී ඇත. පිටරටවල සිටින ශ්‍රී ලාකිකයන් විසින් රුපියල් ලක්‍ෂ 50 සිට ලක්‍ෂ 100 දක්‌වා මුදල් මොහුගේ සමාගමේ ආයෝජනය කර ඇති බව අනාවරණය වී තිබේ. ශ්‍රී ලංකාවෙන් පැනගිය මේ තැනැත්තා ස්‌කැන්ඩිනේවියානු රටක සිටින බවට හෙළිවී ඇති අතර ඔහු ගැන ජාත්‍යන්තර පොලිසියට පැමිණිලි කිරීමටද එම ශ්‍රී ලාංකිකයන් ක්‍රියාකර ඇත.

මොහු සිදු කර ඇති මහා පරිමාණ වංචාව සම්බන්ධව ආරක්‌ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතාට ද පැමිණිලි ලැබී තිබේ.

No comments: