Thursday, November 22, 2012

පාරේ ගිය සිසුවාගේ හිසට බසයෙන් බෝතල පාරක් වදී

ධාවනය වෙමින් තිබූ ලංගම බස් රථයක සිටි කොන්දොස්තරවරයෙක් හිස් සිසිල් බීම බෝතලයක් එලියට විසි කිරීම නිසා එය හිසේ වැදීමෙන් පාසල් සිසුවෙකුගේ හිසට මැහුම් හයක් දමන්නට සිදු වී ඇත. අද (22) උදේ නිකවැරටිය සිට කඩිගාව හරහා පල්ලම දක්වා ධාවනය වෙමින් තිබූ මගී බස්රියේ සිටි කොන්දොස්තරවරයා මෙසේ සිසිල් බීම හිස් බෝතලය එළියට විසිකර ඇත. එය මාර්ගය අයිනේ ගමන් කරමින් සිටි කඩිගා‍ව කණිෂ්ඨ විදුහලේ ජේ.සුමිත් ෂෙහාන් නැමැති 10 හැවිරිදි ශිෂ්‍යාගේ හිසේ වැදීමෙන් තුවාල සිදු වී ඇති අතර හලාවත මහ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ප්‍රතිකාර ලබා දී තිබේ. පල්ලම පොලිසිය විසින් සැකකාර කොන්දොස්තරවරයා අත්අඩංගුවට ගෙන ඇත.

No comments: