Sunday, November 25, 2012

වැලිකඩ සිරගෙදර හොල්මන් එලවන්න උදේ රාත්‍රි පිරිත් හඬ

                          වැලිකඩ බන්ධනාගාරයේ පසුගිය දා සිදු වූ සිදුවීමෙන් පසු පවතින හොල්මන් භීතිකාව නැති කිරීම සඳහා ශබ්ද විකාශන යන්ත්‍ර මගින් උදේ රාත්‍රි පිරිත් විකාශය කිරීමට ඊයේ (24 වනදා) සිට කටයුතු යොදා ඇතැයි බන්ධනාගාර ආරංචි මාර්ග අනාවරණය කරයි. 
                         බන්ධනාගාර පරිශ්‍රය තුළ සර්ව රාත්‍රික පිරිත් සජ්ජායනාවක් පැවැත්වීමටද බන්ධනාගාරයේ ඉහළ පෙළේ නිලධාරින් අතරේ සාකච්ජාවක් පවත්වා ඇත. වැලිකඩ බන්ධනාගාරයේ සිරමැදිරි පරීක්ෂා කිරීමට ගිය පොලිස් විශේෂ කාර්‍ය බලකායේ නිලධාරින් සමග ඇති වූ ගැටුමෙන් පසු බන්ධනාගාර සිරකරුවන් මියයාමත් සමග බන්ධනාගාර නිලධාරින් කිහිප දෙනෙක් හොල්මන්වලට බිය වී ඇත. බන්ධනාගාරය තුළ පිහිටි බෝ ගසට මියගිය සිරකරුවෙක් නගිනවා එක් බන්ධනාගාර නිලධාරියෙක් දැක තිබූ අතර තවත් නිලධාරියෙක්ගෙන් මියගිය සිරකරුවෙක් සිගරැට්ටුවක් දැල්වීමට ගින්දර ඉල්ලා ඇත.   
                          එසේම රාත්‍රි කාලයේ හිස නැති කඳන් සැරිසරන බවද කියති. බන්ධනාගාර පරිශ්‍රය තුළ පවතින හොල්මන් භීතිකාව නිසා බන්ධනාගාර නිලධාරින් තනිවම රාත්‍රි රාජකාරි කිරීමට දැඩි බියක් දක්වක හෙයින් එක් නිලධාරියෙක් යොදවන රාජකාරියක් සඳහා නිලධාරින් දෙදෙනෙකු යොදවන්නට සිදු වී ඇතැයි වාර්ථා වේ.

No comments: