Saturday, November 24, 2012

විදේශීය සරසවි සිසුන්ගෙන් මිලියන 157ක ආදායමක්

දේශීය විශ්වවිද්‍යාලවලට ඇතුළුවන විදේශ සිසුන්ගෙන් මෙම වසරේදී රුපියල් මිලියන 157ක ආදායමක් ලබා ඇතැයි උසස් අධ්‍යාපන අමාත්‍යංශය ප්‍රකාශ කරයි. මෙයින් මිලියන 135ක් ප්‍රථම උපාධි අපේක්ෂකයන්ගෙන් උපයා ඇති අතර මිලියන 22ක් පශ්චාත් උපාධි අපේක්ෂකයන්ගෙන් උපයා තිබේ. වෛද්‍ය උපාධිය හැදෑරීමට අවස්ථාව ලබාදීමෙන් වැඩිම ආදායමක් උපයන අතර එය රුපියල් මිලියන 118කි. කැලණිය විශ්ව විද්‍යාලයේ උපාධි පාඨමාලා හදාරණ විදේශ සිසුන්ගෙන් පමණක් රුපියල් මිලියන 55ක ආදායමක් උපයා ඇතැයි උසස් අධ්‍යාපන අමාත්‍යංශය ප්‍රකාශ කරයි.

No comments: