Sunday, November 18, 2012

සින්තටික් මැණික ලක්‍ෂ තිස්පහට විකුණලා

ව්‍යාපාරිකයෙකු රවටා රුපියල් තිස්පන්ලක්‍ෂයකට ව්‍යාජ ලෙස සකස් කළ මැණිකක් අලෙවි කිරීමට තැත් කළ පුද්ගලයන් දෙදෙනෙකු හා ඊට ආධාර අනුබල දුන් තවත් පුද්ගලයෙකු අනුරාධපුර මූලස්ථාන විශේෂ අපරාධ විමර්ශන අංශය මඟින් 17 වන දා අත්අඩංගුවට ගෙන ඇත. මෙම වංචාවට හසුවූ බේරුවල ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු අනුරාධපුර මූලස්ථාන පොලිසියට කළ පැමිණිල්ලකට අනුව සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත. එක් සැකකරුවෙකු බේරුවල ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයා සමඟ විදේශයකදී හිතවත්කමක් ඇති කරගෙන ඒ අනුව මෙම ගනුදෙනුවට මුල පුරා ඇති බව පොලිසිය පවසයි.

No comments: