Thursday, November 22, 2012

වැලිකඩ බන්ධනාගාරයේ හිස නැති හොල්මනක්

වැලිකඩ බන්ධනාගාරයේ හිස නැති හොල්මනක් සැරිසරන බව කියති. එම හිස නැති හොල්මන් ඊයේ (21) රාත්‍රියේ සේවය කරමින් සිටි බන්ධනාගාර නිලධායෙකුගේ අතින් ඇද ඇතැයි කියති. බන්ධනාගාරයේ ඉකුත්දා ඇති වූ ගැටුමට පසු ආයුධ අතැතිව සිරකරුවන් කෙඳිරිගාමින් මියගිය ස්ථානවලින් රාත්‍රියේ දී විලාප දීම් සහ කෙඳිරිලි හඬ ඇසෙන්නට පටන් ගෙන ඇතැයි බන්ධනාගාර නිලධාරින් පවසති. ‘චැපල්’ වාට්ටුවේ සිට එසේ මියගිය ලෙස්ටර් නැමැත්තකු ඉකුත්දා රාත්‍රියක තවත් බන්ධනාගාර නිලධාරියෙක්ගෙන් ගින්දර ඉල්ලා ඇතැයි කියති. බන්ධනාගාර රාත්‍රි සේවයේ යෙදෙන්නට බොහෝ බන්ධනාගාර නිලධාරින් දැන් බියක් දක්වන අතර තවත් නිලධාරියෙක් බිය වී උණගැනී නිවසේ සිට ප්‍රතිකාර ගන්නා බවත් දැන ගන්නට ඇත.

No comments: