Saturday, November 24, 2012

මාස 6කදී ශ්‍රී ලාංකිකයන් 4000ක් අනවසරයෙන් ඕස්ට්‍රේලියාවට ගිහින්

ඕස්ට්‍රේලියාවට ඉකුත් මාස හය තුළ පැමිණි අනවසර සංක්‍රමණික පුද්ගලයන්ගෙන් හාරදහසක් පමණ ශ්‍රීී ලාංකිකයන් බව ඕස්ට්‍රේලියානු ආගමන විගමන අංශය මෙරටට දන්වා තිබේ.
ඉකුත් මාස හය තුළ ඕස්ට්‍රේලියාවට අනවසරයෙන් පුද්ගලයන් දොළොස් දහසක් පමණ පැමිණ ඇතැයි එරට බලධාරීහු පවසති.
මෙලෙස පැමිණෙන සංක්‍රමණික පුද්ගලයන් සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියානු රජය නීති දැඩි කැර ඇති අතර විශේෂ නාවික යාත්‍රාද යොදා තිබේ. අනවසරයෙන් එරට රැඳී සිටින පුද්ගලයන් පන්සියයකට ආසන්න පිරිසක් ඉකුත් මාස තුන තුළ ශ්‍රීී ලංකාවට පිටුවහල් කරනු ලැබ ඇත.

No comments: