Sunday, November 25, 2012

මර්වින් සිල්වා යතුරු පැදියක නැගී වැඩ පෙන්වයි...

                              කිරිබත්ගොඩ තරුණ කැල විසින් සංවිධානය කළ පාපැදි සවාරිය අද (2 5 වනදා) උදේ පැවැත්වීණ. එම ආරම්භක අවස්ථාවට සහභාගී වීමට පැමිණි ඇමැති ආචාර්ය මර්වින් සිල්වා මහතාට පාපැදි සවාරිය පිටුපස ට්‍රේල් බයිසිකලයක නැගී යාමට ආශාවක් ඇතිවිය. ආරක්ෂකයින් පොඩි මෝටර් බයිසිකලයක් ලබා දෙන්නට උත්සාහ කළත් ඇමැති මර්වින් එය ප්‍රතික්ෂේප කළේය. ‘ට්‍රේල්’ බයිසිකලයම පදින්න ඕනේ යැයි කීවේය. එහෙත් ඇමැති මර්වින් වැඩි උස පුද්ගලයෙක් නොවන නිසා ට්‍රේල් බයිසිකලයට නැග ගන්නට  උදව් ලබා ගන්නට ඔහුට සිදුවිය. 
                               අනතුරුව ටික දුරක් ඇමැති මර්වින් ට්‍රේල් බයිසිකලය පැදගෙන ගියේය. කෙසේ වෙතත් මෝටර් සයිකල් පදින්නට ඇමැති මර්වින් සිල්වා මහතාට රියදුරු බලපත්‍රයක් තිබුණා දැයි කියන්නට අප නොදනිමු.  ඒ වගේම ආරක්ෂිත හිස්වැසුම් නැතිව යතුරුපැදි පදින්නටත් බැරිය.  එය නීතියෙන් දඬුවම් ලැබිය යුතු වරදක් බව කියන්නේ පොලිසියයි.  නමුත් මර්වින් සිල්වා ඇමැතිවරයා මෝටර් සයිකලය පදින විට පොලිස් නිලධාරින්ද සිනහ මුසු  මුහුණින් ඒ දෙස බලා සිටීන දර්ශන රැගත් රූප පෙළ මෙදින සවස රූපවාහිනියෙන් දර්ශනය වෙද්දී පොලිසිය ගැනත් නීතිය ගැනත් ජනතාවගේ සිතට දැනුනේ දැඩි සංවේගයකි.

No comments: