Thursday, November 22, 2012

කහඉර මැදදී පාසල් සිසුවෙකුට මරු මුණ ගැසේ

නාවලපිටිය නගරසභා මංසන්ධිය අසල ඇති කහඉර මතදී ටිපර් රථයකට යටවීමෙන් පාසල් සිසුවෙකු අද (22) මිය ගොස් ඇත. මෙම සිසුවා කහ ඉරේ මීටර් 3 ක් පමණ දුර ගමන්කර ඇති අතර නොනවත්වා ධාවනය කළ ටිපර් රථයට යටවීමෙන් පසුද එය මීටර් 20 ක් පමණ දුර ධාවනය කළ බව ඇසින් දුටුවෝ පවසති. මෙසේ මියගොස් ඇත්තේ නාවලපිටිය වරකාව ප්‍රදේශයේ පදිංචි නාවලපිටිය අනුරුද්ධ කණිෂ්ඨ විද්‍යාලයේ 4 වන වසරේ ඉගෙනුම ලබන පසිදු හෙට්ටිගේ නැමති සිසුවෙකි. ටිපර් රථයේ රියදුරු නාවලපිටිය පොලිසි‍ය මඟින් අත්අඩංගුවට ගෙන ඇති අතර වැලි පටවා තිබූ වාහනය ද පොලිස් භාරයට ගෙන තිබේ. අනතුරට පත් පාසැල් සිසුවා නාවලපිටිය දිස්ත්‍රික් මහරෝහලට ඇතුළත් කිරීමෙන් පසුව දැඩි සත්කාර ඒකකය වෙත යොමුකර තිබේ. හිසෙන් පහළ කොටසට බරපතල හානි සිදුවීම නිසා මෙම සිසුවා දැඩිසත්කාර ඒකකයට ඇතුළත් කර සුළු වේලාවකින් පසුව මියගිය බව නාවලපිටිය දිස්ත්‍රික් මහ‍රෝහලේ ප්‍රකාශකයෙකු  පැවසීය.

No comments: