Thursday, November 22, 2012

තුංකම මහ වැවේ බැම්ම බිඳී යයි

ඉකුත් දිනවල පැවති ධාරානිපාත වැස්සෙන් ජලයෙන් පිරී ඉතිරී ගිය තුංකම මහ වැවේ බැම්ම බිඳී ගොස් නිවාස කිහිපයකට සහ ගොවි බිම් රැසකට බලවත් හාණි සිදුවී තිබේ. ඊයේ (21) මැදියම් රැයේ වැව් බැම්ම බඳී ගොස් ඇති බව ප්‍රදේශවාසීන් පවසති. වැව් බැම්ම අඩි තිහක් (30) පමණ බිඳීගොස් ගලාගිය ජලයෙන් නිවාස හතරකට (04) පමණ හාණි සිදුවී ඇති බවත් බන්ඩි ගොයම සහිත අක්කර තිහක ගොවිතැන් ජලයෙන් යටවී විනාශවී යමින් පවත්නා බවත් ප්‍රදේශවාසීන් පවසති වර්ෂා පෝෂිත ජලාශයන් වන තංකම මහවැව සියයකට වඩා පැරණි වාරී කර්මාන්තයකි. ඇඹිලිපිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සහ ගොවිජන සේවා මධ්‍යස්ථානය මඟින් මේ පිළිබඳව කරුණු සොයා බලාගෙන යයි.

No comments: