Sunday, November 25, 2012

උදේනිපුර වෙල්යායේ ගොවීන් දෙදෙනකු මරා දමලා

                           එප්පාවල පොලිස් වසමේ මහ ඉලුප්පල්ලම, උදේනිපුර වෙල් යායක් මත ගොවීන් දෙදෙනෙකු කපා කොටා ඝාතනය කර පළා ගිය සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා එප්පාවල පොලිසිය පුළුල් පරික්ෂණයක් ආරම්භ කර ඇත. ඝාතනයට ලක්ව ඇත්තේ මහඉලුප්පල්ලම සංඝරිවැව උදේනිපුර පදිංචිව සිටි 37 හැවිරිදි ජේ. එම්. නන්දලාල් නමැති  දෙදරු පියෙක් හා මහ ඉලුප්පල්ලම සංඝරිවැව උදේණිපුර පදිංචිව සිටි 32 හැවිරිදි ඒ. කේ. තිලකරත්න නමැතිදෙදරු පියෙකි. 
                          මොවුන් දෙදෙනා ඉකුත් 22 වනදා රාත්‍රියේ ඝාතනය වන්නට ඇති බවට පොලිසිය සැක පහල කරන අතර ඝාතනයට ලක් වූ ජේ. එම්. නන්දලාල් නැමැත්තා එම ස්ථානයේම ජීවිතක්ෂයට පත්ව ඇති අතර අනෙක් පුද්ගලයා පසු දින උදෑසන එප්පාවල රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහලේ ශල්‍ය දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කිරීමෙන් පසු එහි ප්‍රතිකාර ලබමින් සිටියදී 23 වනදා සවස ජීවිතක්ෂයට පත්විය.

No comments: