Friday, November 23, 2012

කරාපිටිය රෝහල් කාර්ය මණ්ඩලය උද්ඝෝෂණයක……

ගාල්ල කරාපිටිය ශික්‍ෂණ රෝහලේ අද (23 වනදා) උදෑසන සිට දහවල් දක්වා වෛද්‍යවරු ඇතුළු රෝහල් කාර්ය මණ්ඩලය සිදු කළ වැඩ වර්ජනයකින් රෝහලේ සායන හා බාහිර රෝගී අංශ වල වැඩ කටයුතු උදෑසන සිට දහවල් කාලය දක්වා මුළුමණින්ම පාහේ ඇනහිට තිබුණි.
කෙසේ වුවද වෛද්‍යවරු සහ කාර්යය මණ්ඩලය වැඩ වර්ජනය දහවල් 12 වන විට අවසන් කළහ. කරාපිටිය ශික්ෂණ රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය ෂෙල්ටන් පෙරේරා මහතා වහා තනතුරෙන් ඉල්ලා අස් නොවුන‍හොත් අධ්‍යක්‍ෂවරයා සහ ඔහුගේ දියණිය මරාදමන බවට නිර්ණාමික ව සිදු කරන ලද මරණීය තර්ජනයට විරෝධය පළකිරීමක් වශයෙන් මෙම උද්ඝෝෂණය ක්‍රියාත්මක කර තිබිණ.

No comments: