Wednesday, November 21, 2012

අනියම් සැමියාගෙන් ලද දරුවා මල්පොච්චියක් යට වළ දමලා

උපන් විගස ගෙවත්තේ මල්පොච්චියක් යට වළ දමා තිබූ බිළිදු මළ සිරුරක් (20) සවස පොළොන්නරුව ප්‍රධාන මහේස්ත්‍රාත් රුවන් ධම්මික දිසානායක මහතා ඉදිරියේ ගොඩ ගන්නා ලදී. වැලිකන්ද කුඩා පොකුණ ප්‍රදේශයේ ගෙවත්තේ බිළිදෙකු වළදමා ඇති බවට වැලිකන්ද පොලිසියට ඉකුත් 16 වෙනිදා තොරතුරු ලැබිණ. ඒ අනුව වැලිකන්ද පොලිසිය කුඩාපොකුණ ප්‍රදේශයේ 24 හැවිරිදි මුස්ලිම් විවාහක කාන්තාවක් අත්අඩංගුවට ගෙන ඇත. අනතුරුව එම කාන්තාව පොළොන්නරුව උසාවි අවසරය පරිදි පොලිස් ආරක්ෂාව යටතේ එම කාන්තාව පෙළොන්නරුව මහ රෝහලේ ප්‍රතිකාර ගත්තාය. සැකපිට අත්අඩංගුවට ගත් එම කාන්තාව පසුගිය 04 වෙනිදා නිවසේ දී උපන් දරුවා 05 වෙනිදා ගෙවත්තේ වළ දමා ඊට උඩින් මල්පෝච්චියක් තබා ඇති අතර ඇගේ ස්වාමියා විදේශගතව සිටින අතර අනියම් සබඳතාවයක් නිසා උපන් දරුවා වළදමා ඇති බව පොලිසිය සැක කරයි.

No comments: