Saturday, November 24, 2012

බී.ටී.අයි. බැක්‌ටීරියාව හඳුන්වා දීමට එක්‌වෙමින්

ඩෙංගු මදුරුවන් මර්දනය කිරීමේ ජාතික කර්තව්‍යයට දායක වෙමින් තමා බී.ටී.අයි. බැක්‌ටීරියාව ජනතාවට හඳුන්වාදීමේ වැඩසටහනට එක්‌වූ බව හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට්‌ නායක සහ සුපිරි පිතිකරු මාතර දිස්‌ත්‍රික්‌ පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් ජයසූරිය මහතා පැවැසීය.

හෙතෙම මේ බැව් පැවැසුවේ පෙරේදා (22 වැනිදා) කොළඹ දී පැවැති බී.ටී. අයි. බැක්‌ටීරියාව ජනතාවට හඳුන්වා දීම සම්බන්ධව පැවැති මාධ්‍ය හමුවේදීය.

මෙම බැක්‌ටීරියාව කයක්‌ සර්ජිµdමා පෞද්ගලික සමාගම විසින් ඇමරිකාවෙන් ගෙන්වනු ලබන අතර සිටි හෙල්ත් පෞද්ගලික සමාගම විසින් අලෙවි කටයුතු සිදු කරයි.

මෙම බැක්‌ටීරියාව ශ්‍රී ලංකාවේ අලෙවි කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් අනුමැතිය ලබාදී ඇත.

එහිදී වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ සනත් ජයසූරිය මහතා ඩෙංගු ඇතුළු වසංගත රෝග බෝකරන මදුරුවන් මර්දනය කිරීම සඳහා පණිවිඩය ජනතාව අතරට ඉතා ඉක්‌මනින් රැගෙන යායුතු බවත් ඒ සඳහා තමාද ඊට දායක වන බව කීවේය.

මෙහිදී සිටි හෙල්ත් සමාගමේ සභාපති චන්ද්‍රd ජයරත්න මහතා විසින් සනත් ජයසූරිය මහතා වෙත බී.ටී.අයි. බැක්‌ටීරියාව නිල වශයෙන් පිළිගැන්වූ අයුරු ඡායාරූපයේ දැක්‌වේ. කයක්‌ සර්ජි µdමා සමාගමේ කළමනාකාර අධ්‍යක්‍ෂ නිෂාන්ත සිල්වා මහතාද ඡායාරූපයේ සිටී.

No comments: