Friday, November 23, 2012

දිවා සුරැකුම් මධ්‍යස්ථානවල ළමා අපයෝජන වැඩිවීමක්

දිවා සුරැකුම් මධ්‍යස්ථානවල දී සිදුවන ළමා අපයෝජන සිද්ධීන් පිළිබඳව ජාතික ළමා ආරක්‍ෂක අධිකාරියට දිනෙන් දින වාර්තාවන බව එම අධිකාරියේ සභාපතිනි නීතිඥ අනෝමා දිසානායක මහත්මිය පැවසුවාය.  මෙලෙස වාර්තාවන අපයෝජන සිද්ධීන් අතර දිවා සුරැකුම් මධ්‍යස්ථාන පවත්වාගෙන යන පාර්ශවයන් අතින් සිදුවන හිංසන හා අපයෝජනයන් වැඩි වශයෙන් වාර්තාවී ඇත.
මෙම තත්ත්වයන් සැළකිල්ලට ගනිමින් දිවයින පුරා පිහිටි දිවා සුරැකුම් මධ්‍යස්ථාන පවත්වා ගෙන යන පාර්ශවයන්ට පුහුණුවක් ලබා දීමට ජාතික ළමාආරක්‍ෂක අධිකාරිය තීරණය කර ඇතැයි ද සභාපතිනිය සඳහන් කළාය.
දිවා සුරැකුම් මධ්‍යස්ථාන පවත්වා ගෙනයන්නන්ගෙන් මෙන්ම පුහුණුවකින් තොර පාලිකාවන්ගෙන් ද ළමුන් පීඩාවට පත්වෙති.
මෙම තත්ත්වයන් සැලකිල්ලට ගෙන සහකාර දිස්ත‍්‍රික් ළමා ආරක්‍ෂක නිළධාරීන් සහසහකාර දිස්ත‍්‍රික් මනෝ සමාජීය නිලධාරීන් මගින් අදාළ පුහුණු කිරීම්ක‍්‍රියාවට නංවන බව දිසානායක මහත්මිය වැඩිදුරටත් පැවසුවාය.

No comments: