Wednesday, November 21, 2012

සා/පෙ වැඩට රජයේ අයම ගන්නැයි විභාග කොමසාරිස්ට ලිපියක්

                   එලඹෙන දෙසැම්බර් මස පැවැත්වීමට නියමිත අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයේ කාර්යය සහායක රාජකාරී සදහා බාහිර පුද්ගලයන් වෙනුවට රාජ්‍ය සේවකයන් යොදා ගන්නා ලෙස අධ්‍යාපන අනධ්‍යයන සේවක සංගමය විභාග කොමසාරිස් ජනරාල්වරයාගෙන් ඉල්ලා සිටියි. 
                   මෙවර පැවැත්වෙන විභාගයේදී මෙන්ම පෙර පැවැති විභාගවලදී කාර්යය සහායකයන් වශයෙන් බාහිර පුද්ගලයන් බදවා ගැනීමට විභාග ශාලාධිපතිවරුන් කටයුතු කරයි. නමුත් මෙවැනි ජාතික විභාගවලදී රාජ්‍ය සේවකයන් යොදා ගැනීම තුළින් විභාගයේ විනිවිද භාවය සුරක්ෂිත වන අතර විශ්වාසනීයත්වයත් තහවුරු වන බව විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්.එම්.ඩබ්ලිව්.ජේ. පුෂ්පකුමාර මහතා වෙත ලිපියක් යොමු කරමින් අධ්‍යාපන අනධ්‍යයන සේවක සංගමයේ ප්‍රධාන ලේකම් අජිත් කේ. තිලකරත්න මහතා සදහන් කරයි.
                  පසුගිය උසස් පෙළ විභාගයේදී විභාග රාජකාරී සදහා රාජ්‍ය සේවකයන් යොදවා ගත යුතු බවට විභාග කොමසාරිස් ජනරාල්වරයා චක්‍ර ලේඛනයක් නිකුත් කර ඇති නමුත් බොහෝ විභාග ශාලාධිපතිවරුන් එම චක්‍රලේඛනය පැහැර හැර ඇත. එබැවින් මෙවර විභාග රාජකාරී සදහා යොදවා ගන්නා සේවකයින් අනිවාර්යයෙන්ම රජයේ ස්ථිර සේවකයින් විය යුතු යැයි එම සංගමය පවසයි.
මෙම නීතිය නොසලකා හැර කටයුතු කරන විභාග ශාලාධිපතිවරුන්ට එරෙහිව අල්ලස් චෝදනා යටතේ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණිලි කිරීමට කටයුතු කරන බව එම සංගමයේ ප්‍රධාන ලේකම්වරයා විභාග කොමසාරිස් ජනරාල්වරයා වෙත යොමු කරන ලද ලිපියේ සදහන්වේ.

No comments: