Saturday, November 24, 2012

පාර්ලිමේන්තුව කරගෙනයන ක‍්‍රියාදාමයට ශ්‍රේෂ්ඨාධිකරණය මැදිහත්වන්න එපා - ඇමති ලක්‍ෂ්මන් සෙනවිරත්න

පාර්ලිමේන්තුව කරගෙනයන ක‍්‍රියාදාමයට ශ්‍රේෂ්ඨාධිකරණය මැදිහත්වන්න එපා යැයි ගෞරවයෙන් ඉල්ලා සිටින බව ඵලදායිතා ප‍්‍රවර්ධන අමාත්‍ය ලක්‍ෂ්මන් සෙනවිරත්න මහතා පැවැසීය. අගවිනිසුරුවරියගේ දෝශාභියෝගය සම්බන්ධයෙන් අභියාචනාධිකරණය ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටි අර්ථ නිරූපනය ලබා දෙනතුරු පාර්ලිමේන්තුවේ විශේෂ තේරිම් කාරක සභාව කල්තැබීම සුදුසු බවට ශ්‍රේෂ්ඨාධිකරණය දුන් නිර්දේශයක් අද සෑම පුවත්පතක්ම වාර්තා කර තිබුණා. ශ්‍රේෂ්ඨාධිකරණය ගෞරවයෙන් ඉල්ලනවා. පාර්ලිමේන්තුව කටයුතු කරන්නේ රටේ තියෙන ව්‍යවස්ථාව අනුවයි. එ් නිසා එවැනි ඉල්ලීම් ශ්‍රේෂ්ඨාධිකරණය ඉල්ලා සිටීම සුදුසු නැහැ. වෙනදා අපි දැක්කෙ ශ්‍රේෂ්ඨාධිකරණය එක්කො හිරේ නැත්නම් නිදහස්. ශ්‍රේෂ්ඨාධිකරණය මේ පාර්ලිමේන්තුවේ කරගෙනයන ක‍්‍රියාදාමයට මැදිහත්වන්න එපා.
රටේ තියෙන ව්‍යවස්ථාව අනුව අපි මේ කටයුත්තට දායක වෙලා තියෙන්නෙ යැයි අමාත්‍ය ලක්‍ෂ්මන් සෙනවිරත්න මහතා පැවැසීය. මෙම අවස්ථාවට මැති ඇමතිවරුන්වන එස්.බී දිසානායක, ජෝන් සෙනවිරත්න, මහින්දානන්ද අලූත්ගමගේ, ජගත් පුෂ්පකුමාර, මහින්ද අමරවීර, ලසන්ත අලගියවන්න සහ අරුන්දික ප‍්‍රනාන්දු මහත්වරු එක්ව සිටියහ.

No comments: