Thursday, November 22, 2012

නියාගම ශ්‍රී පුණ්‍යාරාම විහාරයේ සංඝාවාසය ගිණි ගනී

තල්ගස්වල නියාගම ශ්‍රී පුණ්‍යාරාම විහාරස්ථානයේ දෙමහල් සංඝාවාස ගොඩනැගිල්ල පසුගිය (20) සම්පූර්ෂණයෙන්ම ගිනිබත්වී ඇත. ගින්නට ‍හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර විදුලි කාන්දුවක් හේතුවෙන් එම ගින්න හටගෙන ඇතැයි සැකකෙරේ. හිටපු ලකිසුරු ව‍රයෙකු මෙන්ම ශ්‍රී ලංකාවේ ප්‍රථම ජනාධිපතිවරයා වූ අභාවප්‍රාප්ත විලියම් ගොපල්ලව මහතාගේ ධන පරිත්‍යාගයෙන් වසර 1914 දී මෙම විහාරස්ථානය ආරම්භකර ඇතැයි විහාරවාසී පොරවගම මේධානන්ද හිමිපාණන් පැවසූහ. මෙම හදිසි ගින්න නිසා ශ්‍රී පුණ්‍යාරාම විහාරස්ථානය සතුව තිබූ වටිනා පොත් පත් රාශියක් ඇතුළු දේපල රැසක් විනාශ වී ඇතැයි වාර්තවේ.

No comments: