Wednesday, November 21, 2012

මදුරු මර්දනයට අලුත් තාලේ වැඩ සටහනක්...

                         මදුරුවන්ගේ පිරිමි සතුන් ව වඳ භාවයට පත් කිරී‍මේ ක්‍රමවේදයක් කොබොල්ට් විකිරණ තාක්ෂණය යොදා ගැනීමෙන්  අත්හදා බැලීමට මැලේරියා මර්දන වැඩසටහන තීරණය කර ඇත. මේ සඳහා රසායනාගාර තුළ මදුරුවන් දහස් ගණනක් බෝ කිරීම ආරම්භ කර ඇතැයි මැලේරියා මර්දන වැඩසටහනේ අධ්‍යක්ෂ වෛද්‍ය සරත් දෙනියගේ මහතා සඳහන් කළේය. 
                        මෙම ක්‍රමවේදය ලබන වසරේ සිට ආරම්භ කරන බවත් ඒ සඳහා මේ වන විටත් ක්ෂේත්‍ර පරික්ෂණ ආරම්භ කර ඇතැයිද හෙතෙම කීය. කොබොල්ට් තාක්ෂණය යොදා ගනිමින් වඳ භාවයට පත් කරන පිරිමි මදුරුවන් පරිසරයට මුදා හැරීම හේතුවෙන් ගැහැණු මදුරුවන්ට ගැබ් ගැනීමක් සිදු නොවනු ඇත‍. මෙම ක්‍රියාවලිය දිගින් දිගටම ක්‍රියාත්මක කිරීමේ දී මදුරුවන් වඳ වන බවද හෙතෙම කීවේය.

No comments: