Sunday, November 18, 2012

හැටන් වලත් එළවලු ගිනි ගනං

හැටන් හා අවට ප්‍රදේශවල මේ දිනවල එළවළු මිල ඉතා අධික ලෙස ඉහල යාමත් සමඟම ප්‍රදේශයේ පාරිභෝගික ජනතාව දැඩි දුෂ්කරතාවයන්ට පත්ව ඇත. මේ වන විට ප්‍රදේශයේ බෝංචි කිලෝවක මිල රු 220 - 240 ක් දක්වාද, ලීක්ස් කිලෝව රු 140 - 180 දක්වා කැරට් කිලෝව රු 120 -140 දක්වාද ගෝවා කිලෝව රු 130 -140 දක්වාද රාඹු කිලෝවක් රු 100 - 110 දක්වාද වැටකොළු කි‍ලෝවක් රු 160 - 180 , බටු කිලෝවක් 140 -160 දක්වාද මිල ගනන් වලට විකිනෙන අතර කුඩා දෙහි ගෙඩිය රුපියල් 20 ක්ද දෙහි කි‍ලෝව රු 700 සිට 800 දක්වා මිලකට විකිණෙනු ඇත.

No comments: