Sunday, November 18, 2012
සිව් වසරකට පෙර අභිරහසක් වැසිකිලි වළේ
පහර
දී මරාදමා ඇති බව සැකකෙරෙන පුද්ගලයෙකුගේ මළසිරුරක හිස්කබල ඇතුළු සිරුරේ
අස්ථි කොටස් වැසිකිලි වළක තිබී බිංගිරිය පොලිසිය මඟින් ඊයේ උදේ (17) ගොඩගනු ලැබීය. 119 පොලිස්
හදිසි ඇමතුම් අංශයට ලැබුණු තොරතුරක් මත බිංගිරිය පොලිස් වසමේ තිසෝගම
කන්හේන ප්‍රදේශයේ වැසිකිලි වළක තිබූ මෙම කොටස් ගොඩගෙන තිබේ. එක් පැත්තක ගල් ගැලවී කඩා වැටී තිබූ තම වැසිකිලි වළ අළුත්වැඩියා කිරීම සඳහා පරික්ෂා කිරීමේදී කොට්ට දෙකක් සහ පෙරවනයක්(බෙඩ්සීට්)
මතුවූ නිසා
වැඩි දුරටත් පරික්ෂා කිරීමේදී මිනිස් සිරුරක අස්ථි කොටස්ද හමුවූ නිසා තමා
පොලිසියට දැනුම්දුන් බැව් නිවෙස් හිමි ඩෙස්මන් ග්‍රෙගරි මහතා පැවසීය. වැසිකිලි වළේ තිබී යකඩ ඉන්නක්ද පොලිසිය සොයා ගෙන තිබේ. තම
බිරිඳගේ සහෝදරයා මීට වසර හතරකට පමණ උඩදී තිසෝගම නිවසේ සිටියදී අතුරුදන්ව
ඇති බවත් ඔහු මරා දමා මෙම වැසිකිලි වළතුලට දමා ඇති බැව් තමන් හා
ප්‍රදේශවාසීන් විශ්වාස කරන බවත් ග්‍රෙගරි මහතා පැවසීය. හෙට්ටිපොළ මහේස්ත්‍රාත් බුද්ධිනි සිරිසේන මහත්මිය ඊයේ (17) උදේ සිද්ධිය වූ ස්ථානයට ගොස් මේ පිළිබඳව මහේස්ත්‍රාත් පරික්ෂණයක් පවත්වා වැසිකිලි වළේ අස්ථි කොටස් ගොඩගනු ලැබීය.
Subscribe to:
Post Comments (Atom)

No comments:
Post a Comment