Sunday, November 18, 2012

කඩදාසි ඩොලර් කරන නයිජීරියානුවන් පිරිසක්

සංචාරකයන් ලෙස මෙරටට පැමිණ සංවිධානාත්මකව මූල්‍ය වංචාවන් හි නිරතව සිටින නයිජීරියානුවන් පිරිසක් කොටුකර ගන්නට ආගමන විගමන දෙපාර්තමේන්තුව පුළුල් මෙහෙයුමක් දියත් කර ඇත. මෙරට ධනවතුන් රවටා ඔවුන් රුපියල් මිලියන ගණනින් වංචා කරන බව ආගමන විගමන දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් සඳහන් කළේය. කඩදාසි කොළ වර්ගයක් පෙන්වා එවා රසායනික ද්‍රව්‍ය මගින් ඩොලර් බවට පත්කළ හැකි බව පවසමින් කෙරෙන වංචා ඒ අතර විශාල වශයෙන් ඇතැයි ද එම නිලධාරියා කීය.

No comments: