Saturday, November 3, 2012

අපචාරවලට ලක් වූ දරුවන් සමාජගත කරන වැඩසටහන්

අපචාර සිද්ධීන්වලට ලක්වූ දරු දැරියන් සමාජගත කිරීමේදී බහුපාර්ශ්වීය කළමනාකරණ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට ළමා සංවර්ධන අමාත්‍යංශය තීරණය කොට තිබේ.
එම අමාත්‍යංශයේ ලේකම් එරික් ඉලයප්පෙරුම මහතා සඳහන් කළේ  ඒඅන්දමේ ළමයෙකුගේ මානසික කම්පනයට හානි නොවන අන්දමින් රෝහල්වල ළමා රෝග විශේෂඥයන්, රෝහල් වෛද්‍යවරුන්, අධිකරණ වෛද්‍ය නිලධාරීන් හා පරිවාස නිලධාරීන් ඇතුළු පොලිසිය කටයුතු කළ යුතු ආකාරය ගැන පුළුල් අවබෝධයක් ලබාදීමට මෙම වැඩපිළිවෙළ සකස්කර ඇති බවයි.

ඒ අන්දමේ ළමයින්ට මානසික කායික ප්‍රතිකාර ලබාදී වාට්ටු ගත කිරීමේ සිට සූක්ෂ්ම ලෙස එවැනි දරු දැරියන්ට නොදැනෙන අයුරින් ක්‍රියා කළ යුතු බවද ඔහු කීය.
ඒ පිළිබඳව ළමා රෝග වෛද්‍ය විශේෂඥයන්ගේද සහභාගිත්වයෙන් ළමා රෝග විශේෂඥයන්ගේ ප්‍රධානී වෛද්‍ය මහාචාර්ය අස්විනි මහත්මියගේ ප්‍රධානත්වයෙන් ලබන සතියේ කොළඹදී විශේෂ සම්මන්ත්‍රණයක් පැවැත්වීමට කටයුතු යොදා ඇති බවද ලේකම්වරයා සඳහන් කළේය.

එවැනි තත්ත්වයන්ට මුහුණ දෙන දරු දැරියන්ගේ අනාගත ජීවිතය අපකීර්තිමත් තත්ත්වයට පත් නොවී හොඳ සමාජ පරිසරයකට යොමු කිරීම සඳහා වූ මෙම වැඩපිළිවෙළ දීපව්‍යාප්තව ක්‍රියාත්මක කරන බවද ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කෙළේය. නිලධාරීන් හා පරිවාස නිලධාරීන් ඇතුළු පොලිසිය කටයුතු කළ යුතු ආකාරය ගැන පුළුල් අවබෝධයක් ලබාදීමට මෙම වැඩපිළිවෙළ සකස්කර ඇති බවයි.

No comments: