Sunday, November 18, 2012

රනිල්-සජිත් සමගි කිරීමට මන්ත්‍රී පිරිසක් වෙහෙසෙති

ලබන මස පැවැත්වීමට නියමිත එක්සත් ජාතික පක්ෂ මහා සම්මේලනය ගැටලුවක් නොවන පරිදි පැවැත්වීම උදෙසා මන්ත්‍රීවරුන් පිරිසක් පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ සහ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස අතර සම්මුතියක් ඇති කිරීමට මේ දිනවල කටයුතු කරමින් සිටින බව එම පක්ෂ ආරංචි මාර්ග සඳහන් කරයි. පක්ෂය සමගි සම්පන්නව ඉදිරියට ගෙනයාම උදෙසා එක්සත් ජාතික පක්ෂ නායකයා සහ නියෝජ්‍ය නායකයා අතර හමුවක් පවත්වා ඔවුන් දෙදෙනා සමගි කිරීමට එම මන්ත්‍රී පිරිස කටයුතු කරන බව සඳහන් වේ

No comments: